Showing posts with label මග දිගට (නවකතාව). Show all posts
Showing posts with label මග දිගට (නවකතාව). Show all posts

2012-02-23

මගදිගට 19 ""මොන හු...." කටින් පිටවෙන්න ගියපු ඒ වචනෙ බොහොම අමාරුවෙන් නවත්තගෙන පස්ස හැරිල බැලුවෙ ...



මෙතෙක් කතාව...



මගදිගට 1     මග දිගට 5     මගදිගට  9       මගදිගට 13    මගදිගට 17
 
මගදිගට 2    
මගදිගට 6     මග දිගට 10     මගදිගට 14     
මගදිගට 18


අද එතැන් සිට....

මට මොනවත් හිතාගන්න බැරුව විනාඩියක් විතර කල්පනා කරන්න ඇති.. ශ්‍යාමිකයත් මගේ අලගට ඇවිත් වැලමිටෙන් ඇනල කෙල්ලව පෙන්නුවා...

" මම දැක්ක බං... ඒත් මේ ව්‍යංගද විමංසද කියල හිතාගන්න බැරුව මම මේ ඉන්නෙ... ව්‍යංගා දන්නෙ නෑනෙ බං විමංසත් එක්ක මම යාලු බව"


"කෝපි බිවුවානං තටමාපං පොඩි නම කිවුවලු.. උබටත් මෙච්චර මේ කෙල්ලො ඉන්නව .....ඩබල් ඇක්ටින් කේස් එකක්ම හොයාගත්තනෙ..."

ශ්‍යාමිකය කිවුවෙ හිනා වෙවී.. .. කොල්ලො ටික වටකරගෙන කතා කියන පැංචයි ලහිරුවයි සීන් එක දන්නෙ නෑ තාම... කෙල්ලත් වටපිට බලනවා...  කරන්න දෙයක් හිතාගන්න බැරුව මම මෙතන ලත වෙනවා... එයා හොයනෙ මාවද... ? මාව හොයනවනම් ඒ අනිවාර්යෙන්ම විමංස තමයි.. ව්‍යංගට මාව හොයන්න දෙයක නෑනෙ...

පුරුෂ දෛර්ය හිතට අරගෙන මමත් ඒ පැත්තට හෙමින් හෙමින් ඇවිදගෙන ගියා... ගිහිල්ල ශේප් එකේ කතා කරල බලනව කවුද කියල... විමංසනං දැනගන්න පුලුවන්නෙ... ඒත් නිකන් මොකද්ද මොකද්ද වගේ... ෂික්... මම කෙල්ලෙක්ට බයවෙලා තියෙන හැටි...

" කලාස් ඇරුනනං ගෙදර යන්නෙ නැතුව මොකද මේ රස්තියාදු ගහන්නෙ ස්ටෑන්ඩ් එකේ... කෙල්ලො ඔහොම වල බහින්න ගත්තම අපිට තියෙන තත්වෙ මොකද්ද..."

මම කෙල්ල ගාවට ලංවෙලා කිසිම වෙනස  නැතුව කතාව පටං ගත්තා.... අක්කගෙයි නංගිගෙයි වෙනසක් නැති ඇස් නිලංකාර වෙලා යන හිනාවෙන් කෙල්ල මට උත්තර දුන්නා...

" බස් එකක් එනකං නැවතිල ඉන්න එකට කියන්නෙ වල බහිනව කියලද ...? "

ම්ම්ම්... තමා හිතාගන්න බෑ කවුද මේ කියල... බලමුකො...

" බස් එකක් තිබිලත් නැගපු නැති නිසානෙ ඇහුවෙ.. හරි ඒක කමක් නෑ... කෝ අනිත් එක්කෙනා... මොකද තනියම..."

" කොයි එක්කෙනාද අහන්නෙ... "

කෙල්ල ආයෙත් හිනා උනා... මේ විමංසනං වෙන්න බෑ... මගේ විමංසව මට අඳුන්න බැරිද....  මේ ඉන්නෙ ව්‍යංගා...

" විමංස "

මම උත්තර දුන්නෙ නිකන් පොර වගේ...

" විමංස... මමනෙ විමංස.... "

මේකි හදන්නෙ මාව ආයෙ රවට්ටන්න... හුම්ග්.... ඒව කොහෙද නංගී මාත් එක්ක...  රූපෙන් අදුනන්න බැරි උනාට කතාකරන විදියෙන් කියන්න බැරිද මට කවුද කියල... දෙන්න හිතෙනව දෙකක්....

" කලිං රැවටුනාට දැන් රැවටෙන්නෙ නෑ...හරිද .....  දැන් මට අදුනගන්න පුලුවන්.... "

මම එහෙම කිවුවාම කෙල්ල ඇස් පුංචි කලා... ඔලුව හරවල මගේ දිහා බැලුවෙ අමුතු විදියට...

" ඒ කොහොමද... "

ඒ සැරේනං කටහඩේ අර කලින් තිබුන දගකාර ගතිය තිබුනෙ නෑ... මොකද උනේ මෙයාට එක පාරටම...

" නෑ මම නිකං හිතුනා.... .. මම හරි නේ...."

කෙල්ල  කතා කරේ නෑ... මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියය විතරයි... ඇස් පුංචිකරල ඔලුව ඇලකරගෙන බලාගෙන ඉදපු ඒ බැල්ම දිහා බලාගෙන ඉන්නත් මාර මාරුයි... එයා මගේ දිහා බලාගෙන ඉදියෙ හරියට මාගේ දිහා බලල මොක හරි හොයනවගේ....

 එහෙම ටික වෙලා මගේ දිහා බලාගෙන ඉදපු ව්‍යංගා බිම බලා ගත්තා...

ඔවු.. මම ව්‍යංග තමයි....

කෙල්ල කිවුවෙ බිම බලාගෙනමයි.... මොනව හරි දේකට ව්‍යංගා අප්සට් කගහපු විත්තිය තේරුන නිසා විමංස කෝ කියල අහන්න දිව නැමෙන්නෙ නෑ නෑ වගේ....

මම ආයෙත් වටේටම කැමරාව දැම්මෙ නිකමටවත් විමංස පේන්න ඉන්නවද බලන්නයි... තාමත් කොල්ලො ටික වට කරගෙන සුපර් මෑන් වගේ වීර ක්‍රියාව රස කර කර කියන පැංචයි... ඒ ලගම ස්ටෑන්ඩ් එකේ කොට බිත්තියට කකුල ගහ ගෙන ඉන්න ශ්‍යාමිකයයි ලහිරුවයි තව සිය ගානක කොල්ලො කෙල්ලො ඇන්ටිල අංකල්ලයි බෙරිහන් දෙන බස් කොන්දලයි රටකජු කාරයොයි ත්‍රීවීල් කාරයොයි ඇරුනාම මම හොයාපු කෙනාවනම් ඇස් දෙකට හම්බුනේ  නෑ...


මම වට පිට බලල ඉවර වෙනකොට ව්‍යංගා හිටියෙ මගේ මූන දිහා බලාගෙන.. මම එයා දිහා බලනකොටම කෙල්ල හිනා උනා...

හැබැයි ඒ හිනාවත් වෙනද හිනාවනං නෙවෙයි...

" හප්පා... ඔච්චරටම විමංස නැතුව බැරුද.... ඔච්චරම හොයන්නෙ... "

එක සැරේටම  ව්‍යංග මගෙන අහපු දේට මට කට උත්තර නැති වෙලා ගියා...උත්තරයක් දෙන්න කට ඇරියත් මොනව කියන්නද කියල හිතාගන්න බැරුව වචන පිට උනේ නෑ...

මෙයාට මොකද එක පාරටම මෙච්චර ඒ ගැන හොයන්නෙ.... මෙයාට සැක හිතිලවත්ද .... මමත් මෝඩය වගේ ඇවිත් ඇහුවනෙ විමංසෙක් ගැන... ඒත් එහෙම අහුව කියල සැක හිතෙන්න විදියක් නෑනෙ... .. කලින් මොකකට හරි සැක හිතිලද දන්නෙ නෑ තිබුනෙ... එදා රෑ අපි දෙන්න තනියම කතා කරන වෙලේ දැක්ක නිසාද  දන්නෙත් නෑ..එදත් ආවෙ අමුතු බැල්මට් එකක දාගෙන,,,.එහෙම නැත්තං නිකමටවත් විමංසගෙ  ෆෝන් එක බලල තිබුනොත්...

"අග්... එහෙම එකක් නෑ හලෝ...... විමංස මෙතන ඉදියනං මම අහන්නෙ කෝ ව්‍යංගා කියලයි...   ඒක සාමාන්‍ය සිරිතනෙ... .. අයියෝ මොන ස්කෝලෙටද යන්නෙ... ආ..."

කෙල්ල කට ඇද කරා... පුංචි හිනාවක් ගියා කට කොනෙන්... අපෝ ඇති යන්තන්... මම හිතුවෙ වැඩේ කොට උඩ කියලයි...

"එයා යාලුවො වගයක් එක්ක බුක් ශොප් එකට ගියා.... දැන් ඒවි...  ආ ඒක නෙවෙයි... කවුද අර අද කලාස් එකෙන් පැනල දුවපු කට්ටිය... "

ආ.. හරිනෙ... .... පයනු අත දිග ලෝයනු ලයනු තමයි දැන් ඉතිං... මෙයාටත් මේ අස්සෙ ඒකම මතක උනානෙ... දැන් කොහොමද කලිසමක් ඇඳගෙන කටක් ඇරල කියන්නෙ ආ.. ඒ මමනෙ කියල....

" ඔයාගෙ යාලුවො කවුරු හරි වෙන්න ඇති ෂුවර් එකටම... හැබැයි... එයාල කාලාස් ඇවිල්ලනං ඉවරයි ආයෙ....අහගෙනනෙ ඉදියනෙ සර් කියපුව..."

අහගෙන ඉන්න ඉතිං අපි කාලාස් එකේ ඉන්න එපැයි... .. එයාටනං ඒක පුල් ජොලි වගේ...කෙල්ල හෙම කිවුවෙත්  ඔලුව වන වනා ඇස් දෙක ලොකු කරගෙන...... ඒ තාලෙට කොන්ඩෙත් පැද්දුනා නිකන් කිතුල් රෑනක් හුළගට ලෙලදෙනව වගේ....

යකෝ.. පරණ කවියො දාන උපමා නෙ මගේ හිතට දැන්  එන්නෙ...   වි‍යංග විමංස දෙන්නෙක් උනාට රූපෙ එකයිනෙ....  ඉතිං මගේ  හිත වාවා ගනු කෝම..


"ආයෙත් අහල..."

මම බොහොම අමාරුවෙන් කට ඇරල එහෙම කිවුවා...

මෙයා අපිව අදුනගෙන නැද්ද... නැතිනම් අඳුනගෙන බොරු කින්ඩියක්ද දාන්නෙ... මොනවයින් කොහොම උනත් පස්සෙ හරි මෙයා ආයෙ එකෙන්ම දැනගන්නව ඒ මහා අභිනිෂ්ක්‍රමනය කරපු වීර සේනාව මා ඇතුලු ජනතාව කියල... ඇල්වතුරට උල් පිහියෙන් ඇන්න වගේ ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... එහෙවු එකේ දැන්මම කියල ජාමෙ බේරගන්නවද... නැතිනං... ලිස්සල යනවද... ඒත් ලිස්සන්නෙ කොහොමද දැන්... කට ඉස්සර වෙලා ඉවරයිනෙ...

කෙල්ල තව මොනවද කිවුවත් ඒ කිවුවෙ මොනවද කියල ඇහුනෙ නැත්තෙ මගේ ඔලුවෙ වැඩ කරේ වෙන දයක් නිසා...

" මො... මො කද්ද.. ? "

මම එයාගෙන ආයෙ ඇහුවා...

"ඔයාට අදනං මොනවහරි වෙලා.... මම ඇහුවෙ එයාල දන්නවද කියල....  නැතිනං ඔයාගෙ යාලුවොද කියල..."

" අග්.. දැකල තියෙනව...  කතාකරල තියෙනව... ඒ වුනාට එච්චර ෆිට් එකක් නෑ... "

මම හිතන්නත් කලින් මගේ කට ව්‍යංගගෙ ප්‍රස්නවලට උත්තර දෙනවා... හිත හිත ඉන්න ගියොත් මෙයා සැක හිතනව... දැන් සායම බේරගන්නත් ඕනෙ.. ඒ අස්සෙ විමංසත් නෑ.. මෙයාට ඕනෙ නැති මල මගුලකුත් නෑ...  අම්මප මේ කෙල්ලො කියන ජාතිය අපිවත් පටලවනව මැගී නූඩල්ස් වගේ...

" බොරු කියන්න එපා.... අර අතන ඉදගෙන තාම දඟලන චූටි ළමය ඔයාගෙ යාලුවනෙ... එයානෙ පැනල දිවුවෙ සෙරෙප්පු දෙකත් ගලවල අතේ දාගෙන... අපි මැරෙනකං හිනා උනා දුවපු විදියට..."

අයියෝ....සුදු පැංචෝ........ ඔය  කලිසම ගලවල විසිකරපං  ස්ටෑන්ඩ් එකේ කොට බිත්ති උඩින්.... දැන් ඕක ඇදගෙන ඉදියට කිසිම වැඩක් නෑ.... මට පැංච ගැන ඇති උනේ විලිලැජ්ජාව පෙරටුකොටගත් මහා අනුකම්පාවක්....

දැන් ඉතිං සායම ඉවරයි උගේ.. මුලු ගාල්ලම දන්නව පන්තියේ බුලක් කෙලල නාකොටික් එකෙන් එනකොට සරම කම්බි වැටී තියල දුවපු කසිප්පු කාරයෙක් වගේ කැත විදියට දිවුවෙ මූ කියලා... ඇගේ  සයිස් එක නිසා මක්කම ගියත් ඌව මීටර් වෙනවා...  තව ඉතිං කතා කරන්න දෙයක් නැති නිසා.. මම පැංචගෙ දිහා බලල හිනා උනා..

තවමත් කොල්ලො දෙතුන් දෙනෙක්ට අතින් පයින් කතාව විස්තර කරල කියන පැංච් දිහා අපි දෙන්නම බලනව ඌ කොහොම හරි දකින්න ඇති... එක නිසයි ඌ ව්‍යංගත් එක පැනි හිනාවක් දැම්මෙ..  ව්‍යංගා අතේ ගුලිකරගෙන ඉදපු ලේන්සුවෙන් කට වහගෙන හිනා උනා....  පන්සලේ කටිනෙ දවසෙ පොඩි හාමුදුවන්ගෙ බල්ලා මූට එලවන් එනකොට මූ දිවුවෙත් නැවතිලා සෙරෙප්පු දෙක අතට අරන්... කලිසම උස්ස උස්ස... අයෙ හෝදන්න දෙයක් නෑ... මූ දුවන්න ඇත්තෙ ඒ විදියටම තමයි... ප්‍රාන බයට මුලු ලෝකෙම අමතක වෙලා යන්න ඇති.. ෂික්.. සර් කාරය අල්ලගෙන දෙකක නෙලුවත් නැවතිලා ඒ දුවපු විදිය බලාගෙන ඉන්න බැරි උනානෙ...

" එයානං පුදුම ළමයෙක් අනේ.. ඇගේ සයිස් එකටද වැඩ .... පුංචි එකෙක් වගේමයි... අර තාමත් දඟලනවා... ඒ වුනාට  කරන වැඩනං.... "

ව්‍යංගගෙ කතාව අහං ඉන්න ඉන්න මට දුක හිතුනෙම පැංච ගැන .. පවු අසරණ පැංචා......
අපි සෙට් එකම බේරිලා... මීටර් වෙලා තියෙන්නෙ මූ විතරයි... හැබැයි කෙල්ලොන්ට ඒක නිකන් මොන්ඩිසෝරි පොඩි එකෙක් කරපු දඟ වැඩක් වගේ... .... එකට විසිපහක් ඔට්ටුයි මූට කෙල්ලෙක් කසාද බඳින්නනං වෙන්නෙ නෑ මේ ආත්මෙදි.... අර සුද්දියො කූඩුවල දාල ඇතිකරන පුංචි බලු කුක්කෙක් වගේ කූඬුවක ඉන්න තමයි මූට යන්න වෙන්නෙ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... බුදු ෂුවර්...

පැංච දිහා බලල මා ආයෙ හැරෙනකොට ව්‍යංග බලා ඉදියෙ මගේ දිහා.... මෙයාට නිකංවත් මාව  මීටර්ද....
දන්නෙ නෑ... හත්වලාමේ... එහෙම වෙලා තිබුනොත් බුරිය විකාගෙ මැරෙනව මෙතනම...


එතකොටම බස් එකත් ඇද්දුවා... ඒත් මෙයා තාම මෙතන...

" අන්න බස් එක ගියා.... මට පේන්නෙ කවුරුහරි එනකං  වගේ අදනං ඉන්නෙ... "

කතාව වෙන අතකට හරවන්න හිතාගෙන මම එහෙම කිවුවා...

" ඒකෙ සෙනගනෙ...  අනිත් එක නංගි ආවෙත් නෑනෙ තාම... "

එතකොට ස්ටෑන්ඩ් එකේ එහා කොනෙන් මතු උනෙ මම මෙච්චර වෙලා හොය හොය ඉදපු එක්කෙනා...  මටත් ඉස්සර වෙලාම එයා මාව දැක වෙන්න ඇති හිනා කටක් පුරවගෙ ආවෙ...  ඒත් ටිකක් ලං වෙනකොටම ඒ මූනෙ හිනාව අතුරුදහන් වෙලා ගියේ එක පාරටම....

ඇයි ඒ... ?? මම ව්‍යංගත් එක්ක ඉන්නව දැකපු නිසාද....?

මට එහෙම හිතල ඉවරකරන්න ලැබුනෙ නෑ කවුද පිටිපස්සෙන් ආපු එකක් මගේ ඇගේ හැපුනා.... මාව ඉස්සරහට විසිවෙලා යනවත් එක්කම පොත අස්සෙ දෙකට නවල තිබුන කාලාස් එකේ ටියුට් එක  ස්ටෑන්ඩ් එකේ පඩිය අයිනෙ තිබුන කලුපාට වතුර පිරිච්ච මඩවලට වැටුන නිසා මට යකා නැග්ගෙ ඉදපු තැනත් අමතක වෙලා...

"මොන හු...."

කටින් පිටවෙන්න ගියපු ඒ වචනෙ බොහොම අමාරුවෙන් නවත්තගෙන පස්ස හැරිල බැලුවෙ  ඇස් පේන්නෙ නැති එකා  මොකාද බලන්නයි....

ඇගේ පැපිච්ච එකා දැක්කම මුත්‍ර බොක්කෙන් පටන් ගනිපු හීතලකින් මුලු ඇගම හීතල වෙලා යද්දි.... වචනයක්වත් කතාකරගන්න බැරුව මම ගල් ගැහුනා....

කලින් දවසක නානගෙ කඩේදි අපිත් එක්ක ගේම ඉල්ලපු එකා... අපේ පරම හතුරා.... රබර්....

දැන්නං ඉතිං කෙල්ලො ඉස්සරහ හද්ද පීචං වෙන්නයි වෙන්නෙ...  ස්ටෑන්ඩ් එක ගෙදර වගේ වෙච්ච ඌට වලියක දාගන්න තැනක් නොතනක් නෑ... ... අපිත් එක්ක කොහොමත් දැඩි මලෙන් ඉන්න නිසා අනිවා දවසක රිටර්න් එක සෙට් වෙනව කියල දැනගෙන ඉදියත් මේ වෙලාවෙ රබර් තියා ප්ලාස්ටිකවත් අපි එකෙක්ගෙවත්  මොලේට ආවෙ නෑ...  හැබැයි ඌත් එක්ක වෙනද ඉන්න පිරිවරනං ඉදියෙ නෑ ඒ වෙලාවෙ.. ඕනෙ දෙයක් වෙද්දෙන් බලමු මූ මොකාටද එන්න හදන්නෙ කියල...

හොදටම බයවෙලා වගේ මගේ මූන දිහා හොරෙන් බලාගෙන ආපු විමංසත්, ව්‍යංග ගාව නැවතුනා...  ඌ ආයෙත් මගේ දිහා කින්ඩි බැල්මක් දාල මාව පඩේකටවත් ගනං නොගත්ත විදියට කෙලින්ම හැරුනෙ කෙල්ලො දෙන්න දිහාවට...

" කලාස් ඇරුනනං මොකද ස්ටෑන්ඩ් එකට වෙලා කරන්නෙ ගෙදර යන්නෙ නැතුව..... ? "

ඌ කෙල්ලො දෙන්නගෙන් එහෙම ඇහුවෙ නිකන් උන්ගෙ තාත්ත වගේ... මාව නිකං කරකවල අතාඇරිය වගේ.... මූට මොකද්ද තියෙන අයිතිය... එහෙම අහන්න.... 

"ඇයි උබෙ තාත්තගෙද ස්ටෑන්ඩ් එක....... "

එක පාරට එහෙම අහන්න හිතට ආවත් මගේ කටින් ඒවචන ටික පිට උනේ නෑ... ස්ටෑන්ඩ් එකේ නම ගියපු මැරයෙක් වෙච්ච රබර්ට මගේ හිතේ බයක් නොතිබුනා කිවුවනං ඒක බොරුවක්...  කෙල්ලො දෙන්නත් හොදටම බයවෙලා වගේ...

"නෑ... මේ.. සිංඩි.., බුක් ෂොප් එකට ගියා.. එයා එනකං ඉදියෙ... දැන් යනවා.... "

ව්‍යංග කිවුවෙ ගොත ගගහ... එතකොට සිංඩි කියනෙ විමංසට... සමහර විට ගෙදරට කියන නම වෙන්න ඇති... ඒත් මමත් අද දන්න ගෙදරට කියන නම කියල මූට විමංස ගැන කියන්න ඇයි.... ?? ව්‍යංගගෙ කටින් බයටම පුරුදු වචනෙ පිටවෙන්න ඇති... විමංසත් බිම බලාගෙන...

" නංගි එනකන්ද මෙතන එක එකත් එක්ක කදේ කයිය දාගෙන ඉදියෙ... බුක් ෂොප් එකට යන්න ඕනෙනං ඇයි දෙන්නම නොගියෙ..."

මුගෙ අම්මට.. මූට මොකද තියෙන අමාරුව...

" ඇයි එක එකත් එක්ක කයිය දාන්න උබෙන් අවසර ගන්න ඕනෙද.... උඹට මොකද්ද තියෙන අමාරුව... ?"

 තවත් කටවහගෙන ඉන්න බැරිම තැන මම කිවුවෙ ඌ ව්‍යංගගෙ මූනට දික්කරගෙන ඉදපු අත පහත් කරන ගමන්...... ඌ මහ චන්ඩියෙක් වෙන්න ඇති.. ඒත් ඌට තියෙන අමාරුව මොකද්ද කෙල්ල මාත් එක්ක කතාකරාම...

"මට තියෙන අමාරුව....."

දත්කූරු කාල මගේ දිහා ඔරවල බලන ගමන් එහෙම අහපු ඌ අත් දෙකෙන්ම මාව තල්ලු කරා...  මට වඩා ඇග පත තිබුන යකඩයක් වගේ උගේ අත්දෙකෙන් මාව තල්ලු අකරපු පාරට පස්සට විසිවෙලා ගියපු මම බේරුනේ  ස්ටෑන්ඩ් එකේ කනුවක් අල්ලගෙනයි... ඊලගට තප්පරයක් යන්නත් කලින් ඉස්සරහට පැනපු රබර්ගෙ මිටමොලවපු අත කෙලින්ම ආවෙ මගේ මූනටයි... හෙනයක් වගේ ආපු ඒ පාර නිසා ඇස් දෙකෙන් තරු පොකුරු පොකුරු පිටවෙද්දි... අතේ තියෙන පොත් ටිකත් සී සීකඩ විසිවෙද්දි... මූනත් බදාගෙන ස්ටෑන්ඩ් එකේ පඩිය උඩ මම ඇදගෙන වැටුනා...


" අනේ හෂාන් අයියෙ..... මොකද මේ..... පිස්සුද ඔයාට... "

ව්‍යංගයි ව්මංසයි දෙන්නම උගේ ඇගේ එල්ලෙද්දි... කෙල්ලො දෙන්නවත් තල්ලු කරගෙන ඌ ආයෙත් ආවෙ මගේ පැත්තට..

" මට තියෙන අමාරුවනෙ තොට දැනගන්න ඕනෙ... "

වැටිච්ච පොත ගොඩ මැද්දෙ අමාරුවෙන් නැගිටින්න හදන මගේ දිහාට ඌ පහත් උනේ එහෙම කියාගෙන...  රබර් තියා යකඩ උනත් ඇගේ පන තියෙනක ගුටිකාගෙන ඔලුව පහත්කරගෙනනං ඉන්නෙ නෑ පුතේ...

මමත් ඇගේ තියෙන හැම තරහ බිංදුවක්ම... රබර් ගැන හිතේ තියෙන හැම බය බිංදුවක්ම  එකතු කරල බිම වැටිල ඉන්න ගමන්ම මගේ දිහාට පහත් වෙන බර්ගෙ බඩට පයින් කෙලල ඇරියා...  ඌ පස්සට විසිවෙද්දිම ස්ටෑන්ඩ් එකේ බිත්ති උඩින් ආව තුන් හතර දෙන්ක්ම උගේ ඇගට පනිනවා මම දැක්කෙ යන්තමට.....

ආයෙත් බොදවෙලා ගියපු ඇස් දෙක යතාතත්වෙට එද්දි පැංච ලහිරු ශ්‍යාමික තුන් දෙනාම රබර්ව වටකරගෙන නෙලනවා... මගේ හක්ක ගැලවිලා වගේ... .. හක්කත් අල්ලගෙන නැගිටලා එතනට යන්න අඩිය උස්සනකොටම වටේන්ම  තව එක එකා දුවගෙන ආවෙ  නිකන් මුහුද ගොඩ ගලන්න වගේ...

නිමේෂ්, අමිල  වගේ අපේ සෙට් එකේ උන් වගේම රබර්ගෙ සෙට් එකේ එවුනුත් එතට ආව කියල දැනගත්තෙ දුවගෙන ආපු එකෙක් රබර්ව නවාගෙන ගහන ශාමිකයගෙ පිටට උඩ පැනල ගහපු නිසයි....  රබරයි මායි පටන් ගනිපු වලිය කොල්ලො විස්සකගෙ තිහකගෙ විතර පොරයක් වෙන්න තප්පර දහයක්වත් ගියේ නෑ...

ඒ ඒක්කම  ඒ මැදට පැනපු සරං ෂර්ට් ගහගනිපු සෙට් එකක්, වලිය   බේරන්න හෙන ගේමක් දුන්නත් එහෙට මෙහෙට ඇදි ඇදි විනාඩියක්වත් කට්ටිය ගහගන්න ඇති.. ඒ පොරේම අයිනක් ශ්‍යාමිකයට පිටට ගපු එකාගෙ කටින් ලේ පනිනකම්ම මමයි ශ්‍යාමිකයයි ඌට පෙරලගෙන ගැහුවා අම්බානෙකම...

"පොලීසියෙන්... දුවපං...."

කවුදෝ එකක් එහෙම කියාගෙන මගේ ටීෂර්ට් එකෙන් අදිද්දි ගහපු එකා අතැරිල මමත් ඌ දුවපු පැත්තට දුවන්න ගත්තා... එතනම තිබුන බස් එක එහා පැත්තට පැනගනිපු මම පස්ස හැරිල බැලුවත් කිසිම පොලිස් කාරයෙක් පේන්න හිටපු නැති නිසා දුවන එක නැවතුනෙත්... රතුපාට වලලු දාපු සුදු අතක් මගේ අත අල්ල ගත්තෙත් එකටමයි...

" අනේ විඟග... මොනවද මේ කරගත්තෙ...  හෂාන් අපේ ලොකු තාත්තගෙ පුතා.....!!!





විහඟ පොලීසියෙන් අල්ලගනීවිද... වලිය ගැන විමංසලගෙ ගෙදරින් දැනගනීවිද...   විහඟ විමංසා ආදරකතාවේ ඊලගට වෙන්නෙ මොනවද

මගදිගට 20 න් ලගදීම.....


2012-02-06

මගදිගට 18 " ඇගේ සයිස් එක බැලුවාම ඕක චූ දාන්න ඇතිවෙන්නවත් තියෙනවද දන්නෙත් නෑ.."




මෙතෙක් කථාව..


මගදිගට 1       මග දිගට 5      මගදිගට  9        මගදිගට 13     මගදිගට 17
 
මගදිගට 2      
මගදිගට 6      මග දිගට 10      මගදිගට 14



අද එතැන් සිට....



ගේට්ටුවෙන් එලියට ඇවිත් අනිත් කලාස්වලට තාමත් පාරෙන් එන ළමයිනුත් පෙරලගෙන වක්වැල්ල පාරෙත් ටික දුරක් දුවලයි අපි නැවතුනේ...

" ඒ යි නැවතියං.. මගෙ පෙනහැල්ල කටින් එන්න වගේ..."

සේරටම පස්සෙ දුවගෙන එන පැංච කෑගහනවා...

පැංචගෙ කෑගැහිල්ලට.... අපි ටික දෙනත් නැවතුනා... නැවතුනාට හතරදෙනාටම   විනාඩි 5ක් විතර යනකන් හති නිසා  හරියට කතා කගන්න උනේ නෑ...

" මෙතන ඉන්න එක ඉතිං සරීර සෞඛ්‍යට එච්චර ආතල් නෑ... යමන් කොහේට හරි... "

ඉස්සෙල්ලම කතාකරේ ශ්‍යාමිකයා... අපි වක්කවැල්ල පාරෙන් අතුරුපාරකට හැරිල කුණුපිට්ටෙන්න දිගේ ඇවිත් කොනේම කොට්ටම්බ ගහ යට වාඩි උනා...

"ආයෙනං කලාස් යනව බොරු...  ... පොරගෙ නෙවෙයි සදන් එක පැත්ත පලාතෙ යනව බොරු... "

"ඒ කියන්නෙ විභාගෙ කරන එකත් බොරුම තමයි..."

 කොට්ටම්බ ගහ යට කුණූඇලේ කොන්ක්‍රීට් ගැට්ට උඩ අපි හතරදෙනා පේලියට වාඩිවෙලා ඉදියෙ ඊලගට කරන්නෙ මොකද කියල හිතාගන්න බැරුව...

" මොන ල*** බං... ඕක විතරද කෙමෙස්ට්‍රි කාලාස් තියෙනෙ..  ඔන්න වෙන එකක් හොයාගෙන යමු බං... මටනං කොහොමත් පොරගෙ දර්ශනේ දිරවන්නෙ නැතුව ඉදියෙ..."

අර බඩ යන්න හැදුන මිනිහත් කිවුවලු  කොහොමත් මම බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්න ඉදියෙ කියල...

ළහිරුවගෙ කතාවට මමයි පැංචයි මහ සද්දෙට හිනා උනා...  ඒක දිහා බලල ශ්‍යාමිකයත් ලහිරුවත් හිනාවට එකතු  උනා...

පාරෙ ගියපු ඇන්ටිල දෙන්නෙක් අපේ දිහා බලාගෙන ඔරවගෙන ගියේ හරියට   මුන්ට පිස්සු  කියන්න වගේ....

අපි හතර දෙනා විනාඩියක්වත් හිනා වෙන්න ඇති...

"හිනා වෙන්න නෙවෙයි යකෝ අඩන්න වෙලා තියෙන්නෙ..."

ශ්‍යාමිකය එහෙම කිවුවෙත් හිනාවෙන ගමන්මයි...

" හරි පස්සෙ අඩමු.. දැන් හිනාවෙමු.. සර් තාම අපේ පලු අරිනව ඇති... "

මම එහෙම කිවුවෙ ශ්‍යාමිකය දිහා බලාගෙනයි... හිනාවෙලා ඉවර වෙලා පැංච නැගිට්ටා

" මෙතන ඉදල හරියන්නෙ නෑ... අපි  යමු පාර්ක් එකට.. ගිහින්  පිලිවෙලක් ඇතුව මුගේ කතාව අහමු අර ගල් බංකුවක් උඩ වාඩිවෙලා...  ඒව පෙරලෙන්නෙ නෑනෙ... "

අපි ආයෙත් මහ සද්දෙට හිනා උනා... ලහිරුව නැගිටල පැංචගෙ ඔලුව නවල උගේ පිට එකක් ගහල කරට අත දාගත්ත... ඊට පස්සෙ අපිටත් ඉස්සරවෙලා සිංදුවකුත් කියාගෙන පාර පැත්තට යන්න ගියා...

 දැනට විනාඩි 10 විතර කලින් දෙන්නගෙ වැඩකෑලි කිය කිය මරාගන්න හදපු මුන්දෙන්න දෙන් කරට අතදාගෙන යනව නිකන් වන්නි මානුසීය  මෙහෙයුමේ 53 වෙනි සේනාංකෙයි 58 සේනාංකෙයි එකට එකතු උන වෙලාවෙ සෙබලු දෙන්නෙක් වගේ...

අම්මප ටී 56 තියා ගල් කටස් එකක්වත් නෑනෙ මුන් දෙන්නගෙ පුකට වෙඩි තියල මරල දාන්න...

"බලපං විහඟ මුන් දෙන්න අපිටත් එක්ක බාල්දිය පෙරලලා දැන් උන්ට මාර  ආතල්...   දෙන්න හිතයි ඇලට විසිවෙන්න අර පැංචයට... ඌ තමයි ඔක්කොම කරන්නෙ..."

ශ්‍යාමිකට හිතිල තියෙන්නෙත් මට හිතුන දේමයි....

" අඩෝ... උඹල දෙන්නට හෙන ආතල් නේද තොපිල දෙන්න කෙලගෙන ඩෙස් එක පෙරලලා අපිවත් කාල්ස් එකෙන් එලවලා.. දැන් මෙතන ටීටර් එකක වගේ සිංදු කියන්නෙ..."

මම කෑගහුවා...

"කවුද ඩෝ එලෙවුවෙ... උඹනෙ දිවුවෙ... "

පැංච එහෙම කිවුවෙ ගත් කටටම.. ලහිරුවත් ඌට 5ක් දැම්මා...

මුගේ කුඩප්පචිට... වටපිට බලල මම හිස් බියර් ටින් එකක් අහුලගනිද්දි ශ්‍යාමිකයා වෙන මොකද්ද එකකින් උන් දෙන්නට විසිකරල  ගහලත් ඉවරයි.. උඩ පැනල එකෙන් බේරුන පැංචා අපි දෙන්නට ටීෂර්ට් එක උස්සල පුකත් පෙන්නල  පිට්ටනිය දිගේ දුවගෙන ගියා... අපිත් වෙච්ච ඔක්කොම දේවල් අමතක කරල උන් දෙන්නගෙ පස්සෙන් එලෙවුවා...

කොහොමහරි විකාර කර කර අපි හතර දෙනාට පයින් ගාල්ලට එන්න පැය බාගයක්වත් යන්න ඇති.. එහෙම ඇවිත් ඕලෙවල් යන කාලෙ ඉදලම  නොකඩවා ගියපු එකම පන්තිය... ධර්මපාල සර්ගෙ පන්තියට  ඇතුල් වෙනකොට උදේ නමයටවත් වෙලා ඇති...

අවුවට වැස්සට , දුකට සැපට, වලට ආතල්එකට ,අපිට තිබුන  එකම නවාතැන.... ගාල්ලෙ පාර්ක් එක ... එහෙමත් නැතිනම් ධර්මපාල උද්‍යානය...

සති අන්ත දවසක් නිසා... පාර්ක් එකේ අම්බානෙක සෙනග...  ඒත් පිටිපස්සෙ කොනට වෙන්න  පාර්ක් එක තනිකරම  අයිතිකරගෙන තිබුනෙ එක පැත්තක් ආදරවන්තයො.. අනිත් පැත්ත ධර්මපාල සර්ගෙ ශි‍ෂ්‍යයෝ...

අඳුනන උන් කීප දෙනෙක්ත් හායි බායි කියාගෙන අපිත් ඇවිත් නැවතුනේ  ගල් බැම්මෙ එහා කොනටම...

"දැන් ඉතිං තෙමිච්ච ගෝල් ලිෆ් වලට අඬා පලක් නැත... ලද බීඩියෙන් සතුටුවෙන්න උබේ අර පැටලිච්ච  නූල් බෝලයක් වගේ මඟුල අපිට ලිහල තේරුම් බේරුම කරල දීපං..."

වාඩිවෙන තැන පිහිදාල සෙරෙප්පු දෙකත් ගලවල උඩ පැනල බැම්ම උඩින් වාඩිවෙන ගමන් පැංච කිවුවා...

මුන්ටත් ඉතිං ඒක අහගන්නකං නින්ද යන්නෙ නෑ... එස් ටී එෆ් එක දැක්කාම දුවන  පොට්ටු අම්මාන්ගෙ ලාබාල පිස්තෝල කල්ලි සාමාජිකයො ටිකක් වගේ  දුවල ගාල්ල දිස්ත්‍රික්කෙම ඉස්සරහ ගැලවෙන්න ගිය වස්තරේ බේර ගත්ත් දැන් ටිකකට කලින්... ඒත් මුන්ට මතක වෙන්නෙ මේකමයි.. කොච්චර උනත් හැම මගුලකටම ඉන්නෙ මුන් ටික නිසා  මම ආයෙත් කතාව පටන ගත්තා..

" මෙන්න මේකයි ස්ටෝරියේ ෆුල් කල්යිමැක්ස් එක... "

" මොකක් "

එහෙම ඇහුවෙ ඉංග්‍රීසි භාෂාව පිලිබද පස්චාත් උපාධිදාරී පැංචා...

" නෑ නෑ මුකුත් නෑ කතාව අහපංකෝ...  එතකොට උබට තේරෙයි..."

දැන් ඕක ඌට සිංහලෙන් තේරුම් කරනවට වැඩියෙ හොදයි ආයෙත් කාලාස් එකට යන එක... ඒක නිසා වෙන්න ඇති සේරටම කලින් ලහිරුව පැංචගෙ කතාව නැවත්තුවෙ...

" බස් එකේ දි මට මුලින්ම හම්බවුනේ ව්‍යංගව..... එයාගෙ පර්ස් එක තමයි මම ඇහිදල  දුන්නෙ.....  ඊට පස්සෙ ටිකට් නැතුව  ටිකට් එක දීල බේරගත්තෙ විමංසව..."

හැමදාම මොකක හරි කියනකොට වගේම  පැංච උගේ ගොන් ප්‍රස්නයක් එලියට දැම්ම එතකොටම...

" එතකොට උඹ අදුනගත්තෙ නැද්ද මේ විමංස ඉන්නෙ කියල... "

උගේ ඇගේ තරමටවත් මොලේ තිබුනනං කොච්චර දෙයක්ද...

" ගොං අලියො... මම දන්නෙ කොහොමද ඒ විමංස කියල.. දන්නවනම් මේක මෙච්චර පටලගන්නවද අපි.."

"ආ ඇත්ත තමයි...."

පැංච එහෙම කිවුවෙ මහා බැරෑරුම් දෙයක් තේරුම් ගත්ත වගේ...

" අනේ බං  මේ පැංචො දැන්වත් කටවහගෙන ඉදපංකො... කාල්ස් එකට කෙල්වුනා තොගේ ඔය වලත්ත කට නිසා.. සිකුරුට්ට මේකෙනුත් එකවල දානව තොගේ කට නිසා..."

ලහිරුවා එහෙම කිවුවෙ මගේ එහා පැත්තෙ ඉදගෙන එබිලා.. පැංච ඉදියෙ එහා කොනේම...

" කොහේද ඩො මම හින්ද කලාස් එකට එලෙවුවෙ.. අනික අහවල් මගුලකටද සික්ක අපිව එලවල දාන්නෙ.. උගෙ ආච්චිගෙ දෑවැද්දට ඌට මේක ලියල දීලද... ල *** තමයි..  නොදන්න දේ අසා ගැනීම තමයි මගෙ  සාර්ථකත්වයේ රහස නිකන් ඉරිසියාකරන්න එපා බං.... "

මුන් දෙන්නටනං ඉතිං කටවහගෙන ඉන්නම බෑ.. කාන්දන් දෙකක විරුද්ද ඩ්‍රැව දෙක වගේ මුන් දෙන්න යන්නෙම හරහට..

"සික්කගෙ ආච්චිගෙ දෑවැද්ද කොහෙද ඩෝ ඌට අයිතිවෙන්නෙ... ඒක උගේ සීයටනෙ අයිතිවෙන්න.. අනේ උබේ සාර්ථකත්වෙ කෙසේ වෙත්ත අසාර්ථකත්වයට මුලනං උබේ  ල *** තමයි  .. ඇගේ සයිස් එක බැලුවාම ඕක  චූ දාන්න ඇතිවෙන්නවත්  තියෙනවද දන්නෙත් නෑ.."

මුන්දෙන්න එක තැන ඉන්න වෙලාවක කිසිම දෙයක් කරන්න බෑ.. අර නිකන් පොලේ එකම තැන එකම ජාතිය විකුණන වට්ටි අම්මල දෙන්නෙක් වගේ...

" මොන මගුලක්ද බං.. හැම තිස්සෙම පොඩි උන් වගේ.. එපා වෙනවනෙ.. දැපැත්තෙ වාඩිවෙල කෙල ගන්නෙ.. පලයල්ලකො අර පිට්ටෙන්නට ගිහි කෙලගෙන වරෙන්..."

ශ්‍යාමිකය එහෙම කිවුවෙ සිරාවටම වගේ.. ඇත්ත තමයි මුන්ගෙ ආතල් වලට ඉතිං මල නොපැන තියෙන්නනං අද ගොළු බීරෙක් වෙන්න ඕනෙ..

" හරි හරි කථාව කියපං... "

පැංච අන්තිමට එහෙම කිවුවා... මමත් කතාව පටන් ගත්තා...

" ව්‍යංග ගෙදර ගිහිං විමංසත් එක්ක සීන් එක කියල...  ඊට පස්සෙන්ද මම උඹලගෙ ගෙදර ආව වෙලාවක ජනේලෙන් මාව පෙන්නල... ඒකයි විමංස මාව අඳුන ගත්තෙ එක පාරටම.."

අඩෝ මුන් දෙන්න කතාකරගෙන එහෙනම් ගේම දීල තියෙන්නෙ...

" ඔවු.. ගොඩක් උන් මුන් දෙන්නට රැවටෙනවලු එක වගේම නිසා... ඒක නිසා මුන් දෙන්නත් එහෙම  කරනවලු වෙන දවස්වලට... "

"බලපං මේ කෙල්ලො කියන ජාතිය කොල්ලො අපිව මුලා  කරන හැටි..."

පැංච කියන ඒවට අනිත් පැත්තට ප්‍රතිචාරයක් දක්වන්න ගියොත් තමයි ඌ ෆෝම් වෙන්නෙ... හොද වැඩේ තමයි ඇහුනෙ නෑ වගේ ඉන්න එක...

" අහපංකො.. ඊට පස්සෙ තමයි ආතල්ම සීන් එක.. පර්ස් එක ඇහිදල දෙනකොට  විමංස ගෙදර ඉදල තියෙන්නෙ ඇස් ලෙඩේ හැදිලා...  පස්සෙ ඒකිට හොදවෙලා ව්‍යංගට හැදිල.. ඒකයි ඒ දවස්වල දෙන්න එක පාරට බලාගන්න බැරි උනේ අපිට... එදා ඔය ටිකට් සීන් එක දවසෙනෙ අපි දෙන්න ගමගේ සර් එක්ක මැරතන් එක දුවල ශ්‍යාමිකලහ ආවෙ... එදානෙ අර සීන් එක උනේ... "

"අර සීන් එක මොකද්ද... ?

සුපුරුදු ලෙස ප්‍රස්නය පැංචගෙන්...

" ඇයි බං කෙල්ල ඇඳුම් මාරු කරපු  සීන් එක...  "

" හංං හා... ඒ වෙලාවෙනං උබ කිවුවෙ ට්‍රයම්ප් ඇඩ් එක කියල... දැන් උඹට කෑල්ල සෙට් නිසා කෙල්ල ඇඳුම මාරු කරණ  එකලු නේ...  උබට ලැජ්ජද පැටියෝ..."

ශ්‍යාමිකය එහෙම කිවුවෙනං අමුම අමු කිංඩියට...  ඌ එහෙම කිවුව්වාම අනිත් උන් දෙන්නත් ආආආ ගාල මහ හයියෙන් හිනාවෙන්න ගත්තා... මටත් හිනා ගියේ ඇත්තටම සී එක ඒක නිසා.....

"අහවල් මීට් බෝලයකටද යකෝ මට ලැජ්ජ.. ඒ විමංස නෙවෙයි ව්‍යංගා...."

මම එහෙම කිවුවෙ මුන්ගෙ කින්ඩියෙන් බේරෙන්න උනාට විමංස ගැනවත් ව්‍යංග ගැනවත් වෙන කෙල්ලො ගැන කතාකරන විදියට කතාකරන්න හිතුනෙ නෑ මට...

"හරි හරි මීට් බෝලයක් බැරිනම් ඕන බෝලයක්.. කියපංකො..."

මට කින්ඩි දැම්මට.. ඊලගට හිනා වෙන්න චාන්ස් එක තියෙන්නෙ මටනෙ.. ඉදපංකො...

"හැබැයි පුතෝ කාමරේ මම ඉදල  සීන් එක දැක්කට ඒක බැරවෙලා තියෙන්නෙ උබේ  අකවුන්ට් එකට..."

මම ශ්‍යාමිකයට කිවුවෙ මට දාපු කින්ඩි බැල්මට් එකට රිටන් එක දෙන ගමං... ශ්‍යාමිකයගෙ කට ඇරුනෙ නිකන්  කෙල්ලෙක්ගෙ ටයිඩ් ජීන්ස් එකක් නැවෙද්දි බරාස් ගාල ඉරිල යනව වගේ ඉක්මනට...

" මම මාට්ටු වෙලා... "

ඌ එකසිය ගානට  බයවෙලා...  ඌ ඒක අහපු විදියටයි... බයවෙලා ඉදපු විදියටයි සීන් එකට හිනාවෙවී ඉදපු අපි තුන් දෙනාන තවත් හිනා ගියා.. අපි විනාඩියක් විතර හිනා වෙලා ඉවරවෙනකං  ගෙබ්බ පොලවෙ ගැහුව වගේ ශ්‍යාමිකය කටත් ඇරගෙන බලාගෙන ඉදියෙ වචනයක්වත් කියාගන්න බැරුව...

" ඒකිලයි අම්මත් දන්නවද... ??  හු**ව.. ඇයි බොල වේ*ගෙ පුතෝ තෝ කිවුවෙ නැත්තෙ මම නෙවෙයි කියල... ?? කියපංකො ඒකි අම්මටත් කියලද.... මට ගෙදර ඉන්න වෙන්නෙ නෑ යකෝ... "

ශ්‍යාමිකය බයවෙන්න බයවෙන්න අපිටනං දැනුනෙ ආතල් එකක් විතරයි.. දැනට පැයකට විතර කලින් කාලාස් එකකට සමු දීල  පන එපා කියල දුවපු ඒවා.....  වෙන කාලාස් එකක් හොයාගන්නකන් මග ඇරෙන පාඩම්  අනාගන්න වෙන ඒව කිසිදෙයක් ඒ වෙලාවෙ අපේ හිතේ කොනකවත් තිබුනෙ නෑ..  ශ්‍යාමිකයගෙ තාමත් වහගන්න බැරිවෙච්ච් කටෙන් විසිවෙන කර්ණ රසායන වාග් ප්‍රහාරයට අපි ගල් බැම්මට හේත්තුවෙලා බඩවල් අල්ලං හිනා උනා...

" ඒකි අම්මට කියලනං වෙන දෙයක් මෙලහකට වෙලානෙ... එහෙම අවුලක් නෑ.. හැබැයි ඒකි උබත් එක්ක දැඩි මලෙන් ඉන්නෙ.. විමංසට කිවුවලු උබ ඉන්නවෙලාවක පේන්නවත් ඉන්න එපා මග සෙවලයෙක් කියල... ..”

ඇත්තට  විමංස මට එහෙම දෙක කිවුවෙ නෑ.. ඒත් ශ්‍යාමිකයගෙන් ආතල් එක ගන්න මම අතින් දැම්ම ඒ කෑල්ලට උගේ කලකිරීම මම හිතපු විදියටම තවත් වැඩි උනා...

“බලපං... බෙල්ල කඩාගෙන යාලුවොන්ට උදවු කරන්න ගියාම අපිට ලැබෙන පරිප්පුවල තරම....ෂික්...”

ඌ එහෙම කිවුවෙ අපි එකෙක්වත් දිහා නොබල... මට ඇත්තටම ඌ ගැන පොඩි දුකක් දැනුනා.. අරුන් දෙන්න නං තාම හිනාවෙනවා...

“ හරි හරි බං.. ඒක එච්චර අවුලක් නෑ.. ... එදා කලාස්  එකේදි මතකද ඒකි එරෙවුවා... ඒ ඔරවපු තැන් දෙකේම උඹ ඉදපු නිසා..පන්තිය පටන්ගන්න වෙලාවෙ නිකන් දැක්කෙ නෑ  වගේ ගිහින් තියෙන්නෙත් උඹ ඉදපු නිසා... අර ශොප් එකේදි එරෙවුවෙත් උබ ඉදපු නිසාලු...”

“ ඒ කියන්නෙ එදා ඇවිත්තියෙන්නෙ ව්‍යංගද... ? “

ශ්‍යාමිකය ඇහුවෙ ඒ මූඩ් එකෙන්මයි...

“ ඔවු... එදා මොකද්ද එකකට විමංස පල්ලියට ගිහිල්ල තාත්තත් එක්ක... ව්‍යංග කලින් ක්ලාස් ඇවිල්ල නැති නිසා.. ක්ලාස් එක ගැන දන්නෙ නෑනෙ.. ඒකයි අම්මත් එක්ක ඇවිත් තියෙන්නෙ... විමංස මගෙන් ඉල්ලගනිපු පොත ව්‍යංග අතේ එවල උදේ දෙන්න බැරිවෙච්ච නිසා ඒකි සර්ට දීල...”

“එතකොට උඹ ඊට කලින් දවසෙ පොත ගිහින් දුන්නෙ විමංසට... ? ”

“ නෑ  මගෙන් පොත ඉල්ලුවෙ විමංස උනාට ම්ම උඹලගෙ ගෙදරදි තාප්පෙ ලගට ගිහින් පොත දීල තියෙන්නෙ ව්‍යංගට ..”

අයියෝ බං... මෙ කතාව අහකොටත්  පැටලැවෙනව බං....  උන්ගෙ අම්මටයි තාත්තටයි බැරි උනානෙ මුන් දෙන්න දෙපාරට හදන්න... ..

ලහිරුව එහෙම කිවුවාම මෙච්චරවෙලා මූඬ් ගහගෙන ඉදපු ශ්‍යාමිකයටත් හිනාගියා...

“ එතකොට උඹ පොත අහුලල දුන්නෙ ව්‍යංගට.. ටිකට් එක දුන්නෙ විමංසට... එදා බස් එකේදි මට ශීට් එක දුන්නෙත් විමංස... එදානෙ උඹෙන් පොත ඉල්ලුවෙ..”

පැංචට තේරිලා යන්තං

"හරියට හරි.. එතකොට මූටයි මටයි එරෙවුවෙ ව්‍යංග.. ඇත්තම කියනවනං මට නෙවෙයි මූ ඉදපු නිසා...  මම බස් එකෙන් වැටිච්ච දවසෙ බස් එකේ ආවෙ විමංස..."

“ යකෝ මේක මහම මහ පටලැවිල්ලක් බං... ”

එතකොට අර ගෙදර ඇවිත් අම්මත් එක්ක මගෙන් පොත් ඉල්ලල තියෙන්නෙ විමංස  පාරෙදි මට කඩේ යනකොට  ඔරවල තියෙන්නෙ ව්‍යංගා...
ශ්‍යාමිකයගෙ පසුතැවිලි අමතක වෙලා වගේ  පටලැවිල්ල ලිහෙද්දි...

“ හරියට හරි...”

“ තරහ වෙන්න එපා මචං විහඟ.. අම්මප මට හිතෙනව ඕකුන් දෙන්නටම කුණුහබ්බ දෙකක් කියන්න ”

ශ්‍යාමිකය එහෙම කියවුවාම මම හිනා උනා විතරයි...

“ උඹට ඇත්තට කියන්න ශ්‍යාමික.. විමංස සෙට් වෙලා ඒකි මට එදා රෑ ඔය විස්තරේ ඔක්කොම කිවුවාම මට හිතුනෙත් ඕකමයි බං... ”

අපේ උන් සෙට් එකම මහ අහයියෙන් ආයෙමත් හිනා උනා...

"හැබැයි පුතේ උඹේ ඔය ප්‍රේම පුරානෙට ඔය ආගම් ප්‍රස්නෙනම් එනව ඉස්සරහට බලපං නැද්ද කියල..."

ළහිරුව මෙච්ච වෙලා සද්ද නැතුව ඉදල මට කියපු දෙ... පහුගිය දවස් කීපයකම මගේ හිතේ කොනක හොල්මන් කරපු දේමයි...


යකෝ හනිමුන් යන්න මාසෙකට කලින් අහවල් එක හෝදල වැඩක් නෑ ... ඒක ඒවෙලාවට බලමු.. නැද්ද මචං විහඟ...

උගේ ප්‍රස්ථා පිරුලට මට හිනා ගියත් ළගිරුව කියපු දේ ගැන හිතේ තුන බයනං එහෙමම ඉතිරිවෙලා පොඩ්ඩක්වත් අඩු උනේ නෑ...


තව පැය දෙක තුනක්ම  ව්‍යංග විමංස  මාතුර්කාවට පස්සෙ තව ලොවෙත් නැති වල් පල් අපි කතා කර කර ඉදියෙ ක්ලාස් ඇරෙන ටයිම් එක වෙනකම්...

ක්ලාස් ඇරෙන්නෙ එකට උනත් එකහ මාර වෙනවා කවුරුත් ස්ටෑන්ඩ් එකට එනකොට...අපිත් වෙලාවට සෙරෙප්පු කකුල් අතපය හෝදගෙන  ස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ආවා... ඇවිත් උඩුගම පාරෙ බස් නවත්තන තැනට ආව විතරයි කලාස් එකේ කොල්ලො ටික අපිව වටකරගත්තා...

උන් එක්ක වෙච්ච වැඩේට හිනා උනාට... හූ කිවුවට... ඒගැන කතාකරාට.. මගේ ඇස් දෙකනම් වටේම දිවුවෙ එක රූපයක් හොයන්නයි...

හැබැයි මට  මම හොයපු දේ හම්බවුනේ විනඩි දහයකට විතර පස්සෙ...
රතුපාට ජින්ස් එකක ඇදල කොන්ඩෙ වෙන දාන පෝනිටේල් එක නැතුව නිකන් ඔහේ වැටෙන්න දාලා පුරුදු විදියටම පොත් ටික පපුවට තුරුල් කරගෙන ආපු කෙල්ල බස් එක ඉස්සරහ නැවතුනා...

හුටා.... එක්කෙනයි ඉන්නෙ.. එතකොට මේ  ව්‍යංගද.. විමංසද ??.. දැන් කොහොමද මම ලගට ගිහින් කතාකරන්නෙ... ??


විහඟට ව්‍යංග විමංස පැටලේවිද... ?.. රහසක් වෙච්ච ආදර කතාව එලිවේවිද... ??

මගදිගට 19 න්  කියවන්න...





2012-01-13

මගදිගට 17 "ඇයි උඹට අමාරුද.. ඒක ඉතිං මගේ පුකනෙ "



අද වෙනකන් කතාව....


මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6             මග දිගට 10          මගදිගට 14



 අද එතැන් සිට....
  දෙවනි සැරත් මට හායි කියල ඈනුමක් ගියා... එහා පැත්තෙ ඉදපු ඇන්ටි මගේ දිහා බැලුවෙ හරියට පබාවතී කුස රජ්ජුරුවො දිහා බලපු වගේ... ...

එයා ලිප්ස්ටික් කිවුටෙක්ස් ගාල මූන නිකන් හෝඩියේ එකෙක්ගෙ චිත්‍ර පොතක් වගේ.. ඒ මදිවට පේමට් එකේ තල්ලුකරන් යන බයිසිකල් කඩයක් වගේ කෑලි බෑලි එක්කෙනව එකසිය ගානට...  .. උදේම නාලා කොන්ඩෙ කඩා දාලා බැබලි බැබලි ඔෆිස් යනකොට  රැවුලවත් හරියට නොකපපු එකෙක් ලග ඉදගෙන මූසල කමට හතරවරිගෙම පාලුවෙන්න හායි ගාල කට අරිනකොට ඉතිං ආයෙ බුදු මල ඇති... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

කට ඇරෙන එකට මම මොනව කරන්නද.. ලවු කරන්න පටන් ගත්තාම නින්ද කියන එක ෆුල්ම ෆුල් ඇලජික් කියල ඇන්ටිත් දන්නව ඇතිනෙ... සිරාවට ලවු කිරිල්ල මාර ලෙඩක් අම්මප... ලව ඔලුවට ගහපු ගමන් නින්ද ඩිසේබල් වෙනවනෙ...  ඉස්සරනං එයා  මට කැමතිද... අරකද මේකද.. ඇයි එරෙවුවෙ.. ඔය ඔක්කොම කල්පනා කරල නින්ද යන්නෙ නෑ.. දැන්  ඒ ඔක්කොම සෙටල් ඩවුන් වෙල තියෙද්දිත් නින්ද යන්නෙ නෑ... සික් ... ඊයෙ කීයටද ඇදට ගියේ...  උදේ එලිවෙන ජාමෙ තමයි යන්තං ඇහ පියවුනේ... දැන් ඉතිං කාල්ස් එකේදි නින්ද ගියොත් සබ්බේ ලබං තමයි.... සර් කාරය ගනීවි ඉස්සරහට....

බස් එක ගාල්ලෙන් නවත්තන්නත් ඉස්සෙල්ල මම බස් එකෙන් පැනල කුණු ඇල පාරට පැත්තට ඇවිදගෙන ආවා. වෙනද සදන් එකට යන්නෙ බස් එකේ... ඒත් අද වෙලාව වැඩියි.. අපේ එකෙක්වත් තාම ගෙදරින්වත් ඇවිත් නැතුව ඇති.. ඔන්න ලවේ පල විපාක... උදේ පාන්දරම කලාස්...වෙනද මේ වෙනකොට නැගිටලවත් නෑ මයෙ හිතේ..

රේල් පාර දිගේ ඇවිදගෙන යනකොට ආයෙමත් මගේ ඔලුවට ආවෙ ව්‍යංගව... නෑ නෑ.. විමසංසව... ෂික් තාම මේක පැටලෙනවනෙ...  එක පාරට නම එන්නෙම නෑ ඔලුවට... කොච්චර කරත් මුලින් කියවෙන්නෙ ව්‍යංගව.. ඒකෙත් ඉතිං අප්සට් එකක නෑ බලාගෙන ගියාම..  ඇයි ඉතිං කුලුදුල් ආදර මෙවුව එක හිතට ආවෙ ඔය නම ඉස්සරහින්නෙ.. කවුද දන්නෙ මේක නිකන් ෂර්ලොක් හෝම්ස්ගෙ ලෝහිත පරීක්ෂනේ වගේ පැටලුන එකක් කියල...

පෙරේද රෑ මතක වෙලා ආයෙමත් මට හිනා ගියා... ඒ එක්කම සිල්බර කොටමක පැටලිලා වැටෙන්නත් ගියා... තව පොඩ්ඩෙන් තුවාලෙටත් බඩු හරි මම කලින් ලන්නක් දුන්න කියල මල පැන්නත් බලාගෙන ගියාම කෙලොලො දෙන්න දීපු ලන්නක් නෑ...  එදා බස් එකේදි මීට් උන වෙලාවෙ නම කියපු නැති එක විතරයි.. අපිනෙ ඉතිං හත්පොලේ ගාගත්තෙ...  ඒකට ඉතිං වැරදිකාරයො අපිමයි..

මනෝ පාර දාගෙන මම සදන් එක එහා පැත්තෙ තියෙන පුංචි කඩේ ගාවටත් ඇවිත්... පන්තිය අල්ලපු වැටේ ඉන්න බෝල්ල ඉන්නව කඩේ ගාව...

" අග් උඹලට අද කාල්ස් නෙග්..... මොකෝ අද උඹ උදෙන්ම  කෝ පැංචල සෙට් එක... "

මම දකින කොටම බෝල්ල ඇහුවෙ කෑගහලා... ඌට ගම උනාට මට පන්තිය නිසා මම හිනාවක් දාගෙන උගේ ලගට ගියා...

" වාඩිවෙයං "

කඩේ පැත්තෙ ගහල තිබුන පුංචි බංකුවෙ ඌ එහාට වෙලා මට ඉඩ දුන්නා..  බෝල්ල ඕලෙවල් වලින්ම අපේ ස්කෝලෙ ඕල් බෝයිස් ඇසෝෂියේෂන් එකට බැදුන එකෙක්... ඌ ඕලෙවල් වෙනකන්වත් ආව එකයි පුදුමෙ  තාත්තත් එක්ක ජුවලරි බිස්නස් කරගෙන තමන්ටම කියල බයික් එකක් තියාගෙන රත්තරන් චේන් එකක් දාගෙන සරම ගහල ඉදපු ඌ හරියට දෙදරු පියෙක් වගේ...

" පත්තු කරපං " මම වාඩිවෙච්ච හැටියෙම ඌ ගෝල්ඩ්ලිෆ් එකක් දික්  කරා"

" මේ උදේ පාන්දර සිගරට් බොන්න පුලුවන්ද යකෝ...... තොගේ වගේ අපේ පපුවත් ගල් අගුරු ඇන්ජිමක් කියල හිතුවද...."

2011-12-16

මගදිගට 16 "අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි..."



දවස් ගානක් රවුටර් එකේ අවුලක් නිසා මේ පැත්තෙවත් එන්න බැරි උනා....  පෝස්ට් එකක් ලියන්න බැරි උනේ ඒක නිසයි..... ඒකට බලවත් මෙවුව එක... ඔන්න බලන් ඉදපු කොටස...

අද වෙනකන් කතාව....


මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6             මග දිගට 10          මගදිගට 14



අද එතැන් සිට...


පිස්සු බම්ප් වෙනවා.... දැන්නම මට විකාරයි වගේ...    විමංසා කිවුවා........  එතකොට... එතකොට... මේ....
...... ...... ......

මම මාරුවෙන් මාරුවට දෙන්න දිහා බලල තටමද්දි අනිත් එක්කෙනත් අපි ලගට ඇවිත් ඉවරයි.... ඔලුව පිස්සු බම්ප්වෙන තරමට පැටලැවිල ඉන්න වෙලාවෙ දැන් වෙනව රගපාන්නත්....

දැන් එතකොට මෙතන මගේ අතත් අල්ලගෙන මට ආදරෙයි කිය කිය ඇඩුවෙ මගේ තුන් හිතේවත් නොතිබුන විමංස කියල කෙනෙක්....  අනේ මම දන්නෙ නෑ.... 

"මොකද උනේ විහඟ...  කොහොමද තුවාල උනේ මේ....   ??"

 මම හිතින් ආදරේ කරපු ඇත්ත ව්‍යංගා තමයි මේ මම දිහා මේ පුදුමෙන් වගේ බලාගෙන ඉන්නෙ... තුවාල වෙලා කියල එයා දන්නෙවත් නෑ....  මේක නිකන් බොබ්මාලිගෙ කොන්ඩෙටත් වඩා  ලිහාගන්න බැරි තරමටම පැටලැවිලයි තියෙන්නෙ...  පිස්සු හැදිලා ආයෙ හැදෙනවා.... අර වැටිච්ච වෙලාවෙ රෝදෙ ඔලුව උඩින්ම ගියානම් මාර සනීපයි වගේ....

" මුකුත් නෑ.... "

මම නිකන ඕනවට එපාවට වගේ කිවුවා...  ඇත්තටම මොනව කරන්නද.. මොනව කියන්නද.. දෙන්නත් එක්ක කොහොම කතාකරන්නද මොනවද උනේ... කිසිදෙයක් තාම හිහාගන්නවත් බෑ... ඒ හෙම වෙලත් ව්‍යංගට මොනවත් කියන්නෙ නෑ කියල විමංසට මම මේ දැන් පොරොන්දු උනා...   ඒ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනත් ඒ පොරොන්දුව  කඩන්නනම් මට හිතුනෙ නෑ....

"බස් එකෙන් වැටිලලු අක්කි... "

මෙච්චර වෙලා  සද්ද නැතුව ඉදපු වි‍මංසත් කට ඇරියා... හිනාවෙලා එයා එහෙම කිවුවට කලින් අඩපු පාරවල් කලුවරේ උනත් ඒ සුදු මූනෙ බලාගන්න එච්චර අමාරු උනේ නෑ...

විමංස එහෙම කිවුවාම ව්‍යංග එයා දිහා බලපු බැල්මෙනම් තිබුනෙ සැකයක්... අපි දෙන්න මෙතන කතා කර කර ඉදපු එක මෙයාට එච්චර දිරවන්නෙ නෑ වගේ...

" එතකොට ඔයා අක්කි මෙයා නංගි....  කොහොම කොහොම හරි අක්කල නංගිල එකතු වෙලා ලොකු ලන්නක් දුන්න නේද මට... ??"

 මගේ උපරිම භාවාත්මක රංගනයෙන් එහෙම කියල මම කතාව ආයෙමත් ට්‍රැක් එකට ගත්තා... නැතිනම් අක්කල නංගිල  මෙතන කෙහිවලු පටලවාගන්නවා  ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

" අනේ නෑ...  ඔයාටනෙ අපි දෙන්නව මාරු උනේ....  අපි දෙන්න ඔයාට ඒක කිවුවෙ නෑ එච්චරයි..."

ව්‍යංගා හිනාවෙලා  කිවුවා... ව්‍යංගා, විමංස කියල අදුනගන්න පුලුවන් උනේ දෙන්න දෙපැත්තෙ ඉදපු නිසාය.. ආයෙමත් තැනකදි දැක්කොත්නම් ආයෙ හොයනව බොරු...

"ඉතිං කිවුවෙ නැති එක තමයි ඉතිං දීපු ලන්න...."

මම අහක බලාගෙන කිවුවා....  ටික වෙලාවක් යනකම්  දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ...

මමයි ව්‍යංගයි ඉදියෙ ගෙදර දොර පැත්තට පිටිපස්ස හරවගෙන.. අපි දෙන්නගෙ ඉස්සරහ ඉදපු විමංස එක පාරටම ව්‍යංගගෙ අතින් ඇල්ලුවා...

" අක්කි... අම්ම..."

එහෙම කිවුවාම අපි දෙන්නටත් ඒ පැත්ත බැලුනෙ ඉබේටම... ව්‍යංගලගෙ අම්ම දොරෙන් එලිට ආවෙ ඇන්ටිලා තව තුන් හතර දෙනෙකුත් එක්ක... ඇවිත් එතනම තිබුන ලොකු කුඩයක් යටින් වාඩි උනා...

තනියම නොවුනත් කොල්ලෙක් එක්ක මුල්ලකට වෙලා කතාකකරනව දැක්කොත් ඇන්ටි මොනව නොකියාවිද... තව දවස් හතරකින් කපන්න තියෙන මැහුම් ටික ඇන්ටි දැන්මම කපාවි මයෙ හිතේ....

"අපි අරෙහෙට යං.... "

මට හිතුන එක ව්‍යංගටත් හිතිල වගේ....

අපි තුන් දෙනාම දොර පැත්තට ඇවිදගෙන ආවා... දෙන්න කෙලින්ම යන්නෙ අම්ම ලගට...  ඇන්ටිත් දනවද දන්නෙ නෑ වෙච්ච දේවල්.... හිමීට මාරුවෙන්නත් බෑ....  දැන් මොකද කරන්නෙ...  ඇන්ටිත් දන්නවනම්  ඉතිං හොදි ඕනෙ නෑ නෝන්ඩිය...

මම එහෙම හිත හිත හිමීට ඒ දෙන්නගෙ පස්සෙන් ඇවිදගෙන ආවා... එක අතකට මම මොකටද බයවෙන්නෙ.... මම වැරද්දක් කරල නෑනෙ...   එහෙම කියල හිත හදාගන්න හැදුවත් මොකක්ක්දෝ හේතුවකට ඇන්ටි ලංවෙනකොට මගේ පපුව මටත් නොකියම ස්පීඩ් එක වැඩි කලා...

ඇයි යකෝ වැරද්දක් කරල නෑ කියන්නෙ.. දැන් විනාඩියකට කලින් අර මුල්ලක් පල්ලෙ මගේ කුලුදුල් ආදරේ හොර හොරෙන්ම නිල වසෙන් ස්ටාර්ට් කලේ ඇන්ටිගෙ එක දුවෙක් එක්ක නේද.... එයත් එක්ක ලව ස්ටාර්ට් කරාට... එයා විමංසලු...ඒත් හැම  රෑකම  මගේ ජීවන ගංගාවෙ පැදයන්න හීන දැකපු  ප්‍රේම යාත්ත්‍රාව  ව්‍යංගා... දැන් ටිකට කලින් වෙන එක්කෙනෙක් බලෙන්ම වෙන එකට මාව ඇදගත්තා..... අයියෝ විස්කි... මීට වඩා හොදයි කසිප්පු ගැහුවනම්...  

ඇන්ටියි අංකලුයි තමයි මේවට වග කියන්න ඕනෙ....  ඇයි හත්වලාමෙ මුන් දෙන්නව දෙපාරකට හදන්න බැරි උනේ....එහෙම උනානම් මගේ දුප්පත් මෝටසයිකලේට හන්දිය දෙපැත්තෙම රෙඩ් ලයිට් වැටෙන්නෙ නෑනෙ ... දැන් කොයි පැත්තකටවත් හරවගන්න බෑ වගේ.......

" අම්මෙ මේ මෙහේ ශ්‍යාමිකගෙ යාලුවෙක්...විගඟ... අපේ ක්ලාස් වලටමයි එන්නෙ.. අර මම  අම්මට කිවුවෙ..."

ඇන්ටි ලංවෙනකොටම ව්‍යංගා මාව අම්මට ඉටඩ්‍රිඩියුස් කරල දුන්නෙ එහෙමයි...  ... ඈ... ඒ ව්‍යංගද.. නැත්නම් විමංසද.... මල කෙලියයි.... මනෝ පාර ගහන් ආව ඩිංගට මුන් දෙන්නව ආයෙ මාරු  උනානෙ.... අම්මප හරියට
 අහගෙන කොටන්න  හිතෙනව නම  නලලෙ... නැතිනම් අපි මැරෙන්නෙ ඉදිආප්ප දාපු තුවක්කුවකින් වෙඩි කෑව වගේ පැටලිල...
ඒක නිකන් බඩේ බත් වගේ.... බුදු ෂුවර්....

ආ... මේ ළමය නේද ලොකු දුවගෙ පර්ස් එක අහුල දුන්න කිවුවෙ.... මොකද පුතේ මේ තුවාල වෙලා.... ??

හරිනෙ වැඩේ... ඒ කියන්නෙ අම්මත් සීන් එක දන්නවා.... අනිත් හරියත් දනනවනම් දැන් මෙතන පට පට ගාල එලියට ඒවි මගේ පැටලුන ප්‍රේම පුරානය.... වටේ ඉදපු ඇන්ටිල ලැන්ටිල ටිකත් බලාගෙන ඉන්නවා....කටවල් ඇරං...
කාල ගිලිනව යකෝ මම මේ ලයිට් වැලේ ලයිට් ඔක්කොම.....

" බස් එකෙන් වැටුන ඇන්ට්.... "

මමත් හිනාවෙලා හෙමීට කිවුවා... 

" පරිස්සං වෙන්න එපැයි දරුවෝ...  ඔයිට වඩා දෙයක් උනානම්..... "

කොච්චර උනත් ඇන්ටි මාත් එක්ක සිරාවට කතාකරා... වෙන දෙයක් ඇන්ටි දන්නෙ නැතුව ඇති... ඊට පස්සෙ පන්තියේ ඒවයි අරවයි මේවයි බලා බලා ගොඩකට පස්සෙ ඇන්ටි අනිත් ඇන්ටිලත් එක්ක කතාව පටන් ගත්ත නිසා... මම හෙමීට එතනින් ලිස්සල ආවෙ එතන ඉදිය කියල නිදහසේ කතා කරන්න බැරි නිසා... වෙන වෙලාවකනම් මොනවහරි බයිලයක් ගහගන්න තිබුනා... ඒත් තාම අගක් මුලක්  දන්නෙ නැතුව
එක්කෙනෙක් එක්ක හොරෙන් ලවු කර කර.... ලටපාවාගන්නෙ නැතුව ඔතන ඉන්න එකනම් ආයෙ මොන දෙයියන්නාන්සෙටවත් කරන්න බැරි වැඩක්...

මම ශේප් එකේ... අපේ එවුන් ඉන්න දිහාවක් ඩයිල් කරත් මීටරේට කිසි ප්‍රතිචාරයක් නෑ.....

කොහේ හරි මුල්ලක සෙට් වෙලා ඇති.... ආයෙ හෝදන්න දෙයක් නෑ...

දැන් ඉතිං කොහොමද  මුන්ව හොයාගන්නෙ... ෆෝන් එකක්වත් නැති කොට.....

ආයෙමත් හිමීට ව්‍යංගල ඉන්න තැනට කිට්ටු කරා හිමි හිමීට... 

මේ.. පොඩි උදවුවක් කරන්නකො....  ෆෝන් එක චුට්ටක් දෙනවද....  කෝල් එකක ගන්න.. ඔයාලත් එක්ක කතාකරණ වෙලාවෙ අපේ සෙට් එක මොන ලෝකෙට උනාද දන්නෙ නෑ... 

කතා නොකරම  මම ලගම ඉදපු එක්කෙනා  ෆෝන් එක හිමීට දික් කරා මට....

මම කහිරුවගෙ නම්බර් එක ඩයිල් කරනකොටම ෆෝන් එකේ තියෙනව නම්බර් එක සේවු කරල...

Lhiru (V)

 ඒ කියන්නෙ මේ විමංසා....  ව්‍යංගා ගාව නම්බර් තියෙන්න විදියක් නෑනෙ....

මම ෆෝන් එක අරන ටිකක් එහාට ගියා...

"හෙලෝ..."

ටික වෙලාවකට පස්සෙ ලහිරුවගෙ මදුර මනෝහර කටහඩ ඇහුන එහා පැත්තෙන්... මූ පැනි හැලියම දාලයි කතාකරන්නෙ  කෙල්ල කියල හිතලා...

" කොහෙද බොල මූසලයො ඉන්නෙ... "

ලහිරුවවට එකපාරට හිතාගන්න බැරි උනා  වගේ... ව්‍යංගගෙ නම්බර් එකෙන් ඒවගේ සුමිහිරි ආමත්‍රණයක්...

" ආ.. උඹනෙ... වරෙන් පිටිපස්සෙ මඩුව එහාපැත්තට.... "

" මම ෆෝන් එක කට් කරල හෙමීට ව්‍යංගල ලගට  ඇවිදගෙන ගියා.. ඔක්කොම ඉනෙ ලොකු කයිය පිට ... ඒක නිසා මම ටක් ගාල ෆෝන් එකේ මැසේජ් වලට ගිහින් මෙහෙම ටයිප් කරා...

yana kalin maawa meet wenna
kohoma hari
thaniyama

 ගහල එ ටික එහෙමම තියෙද්දි ස්ක්‍රීන් එක එයාගෙ මූන පැත්තට හරවල ෆෝන් එක දීල ඇහෙන ෆෝන් එක පෙන්නල... අනිත් එක්කෙනාටයි ඇන්ටිටයිත් යන්නම් කියල හිමීට ලහිරුවල ඉදපු දිහාට ඇවිදගෙන ආවා...

ශ්‍යාමිකයලගෙ ගෙදර පිටිපස්සෙ පරන ලට්ට පටස් දාපු මඩුව තිබුනෙ කන්ඩිය අයින හරියට වෙන්න... කන්ඩියයි මඩුවයි අයිනෙ තිබුන පුංචි ඉඩේ අපේ එවුන්  පස් දෙනෙක්  බෝතලේකුයි කෝප දෙකතුනකුයි වටකරගෙන වාඩිවෙලා....

තිලිණයයි.. නිමේෂයයිත් ඇවිල්ලා....මම දැක්කෙ ඇවිත් වාඩි උනාටත් පස්සෙ... ඒ තරමට එක එකාව අදුන ගන්න බැරිවෙන තරමට මීදුම....

"මොකෝ උනේ...."

පැංච ඇහුවෙ මම මඩුවෙ අයිනක කොටයක් උඩින් වාඩිවෙනකොටම ..

" සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රස්නයක් බොල....."

මම හිනා වෙලා   නිමේෂයගෙ  අතේ තිබුන සිගරට් එක අරගෙන කටේ ගගෙනම  බෝතලේට සම්මාදම් වෙන එක පටන්ගත්තා...

ඊට පස්සෙ ශ්‍යාමිකලගෙ ගේ පිටිපස්සෙ මදුව හා කන්ඩිය අතර අපේ පාර්ලිමේන්තුවේ කතානායක උනේ මේ දිසානායක මුදියන්සෙලාගේ විහඟ නෙත්මික විඳානගමගේ තමයි.... අතේ තියෙන සිගරට් ඔහේ අලුවෙලා යද්ද්දි  සැන්ඩි කරන්න අමතක වෙලා බඩු දාගෙන මූනු ඇඹුල් වෙද්දි... ඉතිහාසයේ රනකුරින් ලියවෙන අතිපූජනීය පරම පිවිතුරු ප්‍රේමවෘතාන්තය අහගෙන කට්ටිය සද්ද නැතුව රවුමට ඇන තියාගෙන ඉදියෙ වෙහෙරහේන පන්සලේ පඩිපෙලේ අඹල තියෙන වාමන රූප ටික වගේ....

ඒ වෙනකොටත් පලවෙනි බෝතලේ අඩිය දකිමින් ඉදපු නිසා කට්ටියම ඉදියෙ උඩ සාක්කුවෙ පොඩි සල්ලි ගන්කර කර....
ඔලුව කැරකැවෙන වෙලාවෙ සඳ බොදවෙන කරකැවෙන ලා චෝරු වෙන කතාවක් අහගෙන ඉදපු අපේ සෙට් එකම තව ටිකක් ෆලැකෑන්ස් වෙලා ගියා....

" අඩෝ... පික්ක්...ෂු හැදෙනවනෙ....  දැන් එතකොට උඋඋඹට සෙට් වෙලා තියෙන්නෙ වෙන කෑල්ලක්.... ?? "

"ඔවු බං විමංස .... එයා නංගි... ඒත් මේ දෙන්න මාරු උනේ මොන වෙලාවෙද කියල දෙයියො තමයි දන්නෙ.... "

"දැන් එතකොට හොස්පිටල් එකට ආවෙ.... නංගිද... එයා කොහොම්ද හොස්ස්ස්පිටල් ආවෙ... බස් එකේ ඉදියෙ ව්‍යංගනෙ බං... ව්‍යංග අක්කද නංගිද බං..... එතකොට ඔය විමංස කවුද බං..."

පැංචට ටිකක් වැඩියි වගේ හැමදාම බොන්න ගත්තොත් මූඩියෙන් එකක් වැදුනත් ඇති  ගූ ගොඩේ සීනි බනිස්,,,,,
සීනි බනිස් කොච්චර හොඳ උනත් ගූ ගොඩේ වැටුනාම වැඩක නෑ වගේ.. මූත් කොච්චර හොද උනත් බිවුවාම වලි දෙයියා... චාටර් ලෝකයයි... ගූ ලොරියයි...

 "මේ පැංච... උඹ හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ආයෙ කියල දෙන්නම්.... අපිටත් පටලවන්නෙ නැතුව ඉදපං... .. තව බින්දුවක්වත් බොන්නෙ නෑ උඹ... ඒපාර අපිට යන්න වෙන්නෙත් රෙදි නැතුව....."

වෙනදට හැමදාම ලහිරුවත් එක්ක කියවගත්තට ලහිරුවගෙ ඒ විදානෙට පැංච කට වහගත්තා....

" ඒ මට වැවැවැ ඩීද බංස්... ??? "

ඌ ශ්‍යාමිකයගෙන් ඇහුවෙ රහසින්....  ඌ එක අහපු විදියට ඉන්න තැන අමතක වෙලා අපි ඔක්කොටම හිනා ගියේ මහ හයියෙන්...

දැන්නම් ඉතිං මෙතන ඉදිල්ල සරීර සවුකෙට එච්චරම ආතල් නෑ... අපි එකා දෙන්න විවිද දිසාවන් වලට හෙමීට තාවකාලික විස්ථාපනයන් ලබාගත්තා....

" උඹට කෝල් එකක් මැසේජ් එකක් ආවෙ නෑනෙ... ??"

මම ලහිරුවගෙන් ඇහුවෙ ගේ පැත්ත දිගේ ඉස්සරහට එනගමන්... 

" අම්මට හුඩු ආවද දන්නෙ නෑ...  මම ෆෝන් එක සයිලන්ට් දාල තිබුනෙ.. සීක්‍රරට් මිෂන් එකකනෙ ඉදියෙ.."

එහෙම කියල ලහිරුව ෆෝන් එක අරන් බලනකොට මිස්කෝල් හතරයි මැසේජ් දෙකයි.... ඔක්කොම ව්‍යංගගෙන්... නෑ වැරදුනා... විමංසගෙන්.....

ai 4n eka answer naththe...
tharahada math ekka...
ane tharaha wenna epaa
oyaa text karanakam balaagena innawaa

හුටා.. නයි කයිද රෝස් පාන්..... 

api yanawa... puluwan welaawaka cl karanna
plzz.. mama  balaagena innawaa..

tc.bs

අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි....ඒක නිකන් ආයෙ බඩේ බත් ටික වගේ බුදු ෂුවර්..... දැන් මොකද කරන්නෙ...

" සොරි බං මට දැනුනෙ නෑ.. අරක පල්ලෙ ඉදිද්දි මේ හු _ _ _ වැදුනොත් ඉවරයිනෙ.... ඒකයි සයිලන්ට් කරේ... උඹ කෝල් කරාට පස්සෙ ෆෝන් එක සාක්කුවෙ දාගත්තා.... මොකද ව්‍යංගා ගිහිල්ලද...??"

ලහිරුවගෙ මූනත් මැලවිලා....

" මොනව කරන්නද බං.. ගිහිල්ල තමයි... "

මම එහෙම කියල ඒ වෙලාවෙම කෝල් එකක් ගත්තා... වෙලාව 11.04 යි...  වෙලාව යනව දැනුනෙවත් නෑ අපට...
මමම මීට් වෙන්න ඕනෙ කියල මටමයි ආන්සර් කරන්න බැරු උනේ... මූට මේක වයිට්බ්‍රේට්වත් දාගන්න බැරි උනානෙ... ෂික්...

ෆෝන් එක දෙසරයක් රින්ග්ස් යන්නත් කලින් එහා පැත්තෙන් ආන්සර් කරා....

 “වි..හ..ඟ.... ”

එහාපත්තෙන් ආපු කටහඩ අහපු මගේ.. පපුව කඩා වැටුනෙ ඉබේටම... බිවුවෙත් ටිකයි.. ඒවත් කොහෙන් ගියාද නෑ...

අනේ සොරි... මම යාලුවොත් එක්ක ඉදියෙ.. මේකෙ සද්දෙ නිසා ඇහිල නෑ... ඔයා ගෙදරද ඉන්නෙ... ??

මට කියන්න වෙන බොරුවක් කටට ආවෙත් නෑ ඒ වෙලාවෙ...

“ඔවු....”

කෙල්ල තාමත් අඩනවද කොහෙද...

“සොරි ව්‍යංගා... නෑ.. විමංසා...  ඔයාව මීට් වෙන්න විදියක් නැති උනානෙ.. කතා කරන්න....  මම තරහට නෙවෙයි කතා නොකරෙ...ඇත්තමයි.. රත්තරං.... සත්තයි....”

ඉස්සර ඉදලම කොල්ලො කෙල්ලො වස්තුවෙ රත්තරං කිය කිය ආදරේ කරනකොට ඒව පට්ට බොලදයි කියල හිනාවෙවී ආතල් ගත්ත මගේ කටින්ම නොදැනිම ඒ බොලද වචන එලියට පැන්නෙ මටත් නොදැනම.... ආදරේ කියන්න එක සිරාවට බොලද වෙන්න ඇති....ඇත්ත තමයි... හරියට ආදරේ නොකර ඒක ගැන තේරුම් ගන්න බෑ කවදාවත්... ඒක මගේ හිතට දැනෙන නිසා... ඒ ආදරේ දැනෙන නිසා දැන් මම දන්නවා.... මහා පන්ඩිතයෙක් වගේ... මවාපාලා ආදරේ කරන්න ඕනෙ නෑ මට..... ආදරේ බොලදනම්... මගේ හිත ඉල්ලන්නෙ ඒකනම්... ඒ දේවල් වලට මම ඉඩ දෙන්න කැමතියි...... ඒක නිසා වෙන්න ඇති ඒ වචන එහෙම මගේ  කටින් පිට වුනේ ....

එහාපැත්තෙන් කෙල්ල ඉකි ගහනව ඇහුනාම මට ඔක්කොම අමතක වෙලා ගියා... ව්‍යංගා තිය විමංස තිය   වත්සලා වනමලී   උනත් කමක්  නෑ...   මම බස් එකෙන් වැටුනට පස්සෙ මාව බලන්න දුවගෙන ආවෙ මේ කෙල්ල....  මුලින්ම පර්ස් එක අහුලල දුන්නෙ ව්‍යංගට... මම දන්නව ඒක...  එදා තිබුනෙ  ව්‍යංගගෙ අයි ඩී එක... ඒත් කොහොම කොහොම හරි පස්සෙ මේ විහඟ, අහන්න මග බලාගෙන ඉදියෙ මේ කටහඩ... ආපු කොහේ හරි මගදිගට එක තැනකදි  මාරුවෙලා නොදැනම හරි මම මෙච්චර කල් ආදරේ කරේ මේ හිතට.... ඒක බොරුවක්වත් බලෙන් ඇතිකරපු දෙයක්වත් නෙවෙයි කියල මම හොදටම දන්නවා....   ... ඒ කටහඩේ...ඒ හිතේ.. ඒ ආදරේ අයිති කාරි අඩනව අහගෙන ඉන්න බෑ මට.....

බඩේ තිබුන ඒව නිසාද දන්නෙ නෑ.. මම මවාගෙන ඉදපු බොරු වංඩිය එලවල දාල හිතේ පතුලෙම ගැංගිල ඉදපු නියම විගඟ එලියට ආවා...

නම වැරදුන නිසාද  නැතිනම් මම රත්තරං කියපු නිසාද දන්නෙ නෑ කෙල්ලට කොහොම හරි හිනා ගියා.... ඒ හිනා වෙන සද්දෙට මටත් හිනා ගියේ... ඉබේටම...

මම හිනාවෙවී කතාකරනව දැකල  ටිකක් එහාට වෙන්න හිටපු ලහිරුවයි කොහෙන්දෝ එතනට ආව නිමේශයයි කම්මුලට අත ගහගෙන අනේ අපොයි කියල මට ඇද කරා...

“ අන්න එහෙම හිනා වෙන්න.... ”

මම කිවුවෙ ටික වෙලාවක් ඒ හිනා හඩ අහගෙන ඉදලා....

“ හ්ම් හ්ම්ම්ම්.....”

දැන්නම් ඒ  කටහඩේ දුකක් නෑ....

“ ඔයාගෙන් කතාවෙ ඉතුරු ටික අහගන්න ඉදියෙ.. කොහෙද දැක්කෙ නෑනෙ.... ආයෙ ඉතිං කවද මීට් වෙයිද කතාකරන්න ලැබෙයිද දන්නෙ නෑ... ”

මම කිවුවෙ ඇත්තම දුකෙන්....

“ තාම ඔයා ශ්‍යාමිකලහද ඉන්නෙ..... ”

කෙල්ල කතාකරේ රහසින්....  ටික වෙලාවකට පස්සෙ....

“ ඔවු...”

“ඔයාට පුලුවන්ද පිටිපස්සෙ තාප්පෙ ගාවට එන්න කරපිංච ගහ ගාව... මම එන්නම් එතනට...”

“ඔයා... ඒත් කොහොමද... අම්ම... අක්කි... ??”

“ එයාල නිදි.. ඔයා එනවද... ??”

 “හා...”
 
“මම එලිට ඇවිත් රින්ග් කරන්නම්.....”


එහෙම කියල කෙල්ල ෆෝන් එක තිබ්බා.... ලව ස්ටාර්ට් කරපු මුල්ම දවසෙ මම ඉතිහාස ගතවෙන්නයි හදන්නෙ...
අපේ එවුන් පේන්නත් නෑ.. ආයෙත් ස්ථාන ගතවෙලා ඇති ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... පාටි එකේ කට්ටියත් එච්චර නෑ දැන්... මිදුලෙ නටන උන් ටිකක් ඇරුනාම ගේ ඇතුලෙ ඉදපු කීප දෙනා විතරයි...

මම හෙමින් හෙමින්  කරපිංච ගහ ගාවට කලුවරේම ආවා.... එතකොටම ආව ම්ස් කෝල් එකක්...

කෙල්ල ඉන්නව තාප්පෙ එල්ලීගෙන...

රෝසපාට රෑ ඇදුමක්  ඇදගෙන කොන්ඩෙ කරල් දෙකට ගොතල හැමදාමමම දැකපු ලස්සනට වඩා වෙනස්ම ලස්සනක්...
 තාප්පෙ දෙපැත්තෙ ඉදගෙන අපි විනාඩියක් විතර අත් මිරිකගෙන ඉන්න ඇති....

කුලුදුලේ උපන්න ආදරේ... මංගල දවසෙම මේ වගේ හමුවීමක් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි දෙන්නම...
මටම අයිති වෙච්ච මගේ චූටි රෝසපාට සුරංගනාවියි මායි අතරෙ තිබුනෙ එකම එක සිමෙන්ති ගඩොලක පරතරේ විතරයි.... ආදරේ  දරාගන්න බැරි තරමට හිතට දැනෙද්දි.... කවදාවත් විදපු නැති හැගීම වලින් මුලු ඇගම හිරිවැටිල යද්දි තාප්පෙ මෙහාපැත්තට වෙලා ඉන්න තවත් මගේ කොලුකම මට ඉඩ දුන්නෙ නෑ...

ඇහැක් බැරි ගාතෙ තුවාල වෙච්ච කකුලත් උස්සගෙන ගඩොල් පේලි පහේ තාප්පෙ පැනල මගේ පුංචි සුරව්ගනාවි ගාවට එන්න මට වැඩි වෙලා නෑ...
දන හිස ගාවට කොට රෑ ඇදුම විතරක් ඇදගෙන  ඉදපු නිසා වෙන්න ඇති කෙල්ල ලැජාවෙන් බිම බලාගෙන....  ඒ හැමදාම මම ආදරේ කරපු රෝස පාට මූන මගේඅත් දෙකෙන් උස්සලා... හැමදාම මගේ හීන වල සෙල්ලම් කරපු ඒ ලොකු වීදුරු ඇස් දෙකට  මැද නලලට..අවුරුදු දාහතක මගේ ජීවිතේ කෙල්ලෙක්ට දුන්න මගේ පලවෙන හාද්ද දුන්නෙ වෙවුලන තොල් වලින්....

ආයෙමත් ඒ වීදුරු වැස්වල පියන් කඩාගෙන වැටුන ලොකුම ලොකු  කදුලු බිංදු දෙකක්... ඒ කම්බුල් දිගේ පහලට ගලාගෙන යනවත් එක්කම... විමංස අත්දෙකම මගේ ඉනවටේ දාල මට තුරුල් උනා...

මොකක්දෝ විස්තර කරල කියන්න බැරි සුවදක් එක්ක... ඒ රෑ ඇදුමෙන් විතරක් වැහිච්ච   පුංචි සිනිදු පපුවෙ රස්නෙ මගේ දාඩියෙන් පෙඟුන ෂර්ට් එකට මැදින් පපුව පලාගෙන මුලු ඇගම හිරි වැටිල යද්දි මගේ පුංචි සුරංගනාවි බදාගෙන මමත් තාප්පෙට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා......


ඔය ලොකු ඇස් දෙක මවන සිතුම් වල
හෙවනැලි වැටිලා ඔය සුදු මූනට
පෙම්පාටින් තව තව දිලිසෙනකොට
සිපගන්නැතුවම ඉන්නේ කොහොමද

දේ දුනු ලෝකෙන් සිහින ගෙනත් මම
එක එක තියලා ඇහිපිල්ලම් යට
කඩුපුල් මලකින් සුවද නෙලාගෙන
සරසිමි සිහිනය තව හැඩ වන්නට

මගෙ අත ගෙන ඔය බදවට දාගෙන
සිවුමැලි කොපුලක් පපුවෙ රුවාගෙන
නිදියන්නැතුවම දෑස් පියාගෙන
එලිවෙනක්ම් විදිනෙමි නුඹ උණුහුම


මගදිගට 17 න්.... ....






2011-12-05

මග දිගට 15 " කැ _ ඩබල් ඇක්ටින් සීන් එකක්නෙ බං... මේක... "






අද වෙනකන් කතාව.......

මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6             මග දිගට 10          මගදිගට 14
   
මගදිගට 3 
         
මග දිගට 7              මග දිගට 11               

මගදිගට 4
            මග දිගට 8             මග දිගට 12       
 
 
අද එතැන් සිට 


මෙච්චර වෙලා තිබුන සද්දෙ මුකුත් නෑ..... හතර වටේටම පාට පාට ලයිට් දාල තිබුනත්  සාලෙට ආව දෙන්න දිස්නෙ ගහනව.... ඇවිත් ඉන්න හැමෝම කටවල් ඇරගෙන  කරන වැඩ නවත්තලා ඒ දෙන්න දිහා බලාගෙන ඉන්නවා.... සද්දෙකට ඇහුන එකම දේ...... බිබී ඉදපු බීම එක හිරවෙලා නවත්ත ගන්න බැරුව මම කහින හඩ විතරයි....

පපවුව අල්ලගෙන  අමාරුවෙන් කහින එක  නවත්තලා  මම ආයෙමත් ඔලුව උස්සල බැලුවා මේ මම දකින්නෙ හීනයක්ද කියලා...  බීම වීදුරුව වටේ තිබුන වතුර බිංදු එක අතකින් පිහිදාල ඒ අතින්නම මම මූනත් පිහිදුවා....  අනේ මේක හීනයක්ම වෙයං...  මම ගාගනිපු වතුරවල පිං බලෙන් මාවම ඇහැරියං....

මූන පිහිදාල බැලුවත්  මට පෙනුනෙ කලින් පෙනුන දර්ෂනේමයි.... ඇස් දෙකත් බොදවෙලා... කැස්ස පාරට කදුලුත් ඇවිල්ලා...  මම ආයෙමත් මූන පිහිදැම්මා....

තාමත් ව්‍යංගල දෙන්නම මගේ ඉස්සරහ....  දෙකට නැවිල බුරිය විකාගෙන මැරෙන්න හිතනව යකෝ.... මේක මාර හුට්ටප්පරයක්නෙ....
 
එතකොටම දෙන්නම අපේ දිහා බැලුවා....  ඒ වෙනද තිබුන ලොකු වීදුරු ඇස්මයි.. වෙනසකට තිබුනෙ කලින් දෙකයි.. දැන් හතරයි......

මාරුවෙන මාරුවට ඒ දිහා බැලුවත් කිසිම වෙනසක් හොයාගන්නනම් පුලුවන් උනේ නෑ.... එකම විදියෙ  මල් තියෙන ගවුම් දෙකක් ඇදල.. වෙනද වගේම බෙල්ලෙ මාලයක්වත් නැතුව ඉදියට මොකද හතරවටේම බල්බ් දාල තිබුන ගෙදර ඒ දෙන්නම දිලිසුනේ හරියට තොරන මැද්දෑවෙ බුදුරැස් වලල්ල වගේ.....

ශ්‍යාමිකලගෙ අම්මයි නංගියි ඒ දෙන්නයි අම්මයි එක්ක කතා කරාට පස්සෙ දොර හරියෙම පුටුවකින් තුන් දෙනාම වාඩි උනා....  වාඩිවෙන්න කලින් ඒ ලොකු වීදුරු ඇස් හතරම මගේ දිහා තව පාරක්  බැලුවා....  හිනාවෙන්නද අඩන්නද  කියල හිතාගන්න බැරුව ඉදපු මම  කලින් වගේම පිලිමයක් වගේ හෙලවෙන්නෙ නතුව ඉන්න ඇති... මගේ මූනෙ කිසිම වෙනස්ක් නොදැකපු ඒ ඇස් බිම බලාගත්තා... හැබැයි ඒ ඇස් දෙකක් විතරයි....  එක්කෙනෙක් වාඩිවෙනකනුත් එක්කෙන්ක් මගේ දිහා බලාගෙන ඉදියා... හරියට පුදුමෙන් වගේ....

" පිස්සු හැදෙනවා.... කවුද බං ව්‍යංගා.... "

අපේ සෙට් එකෙන් මුලින්ම කතාකරේ ශ්‍යාමිකය....

" උඹ මගෙන්ද අහන්නෙ බං... අල්ලපු ගෙදර මෙච්චර දවස් ඉදලත් උඹ  දන්නෙ නැති කොට මම දන්නෙ මම උන්ගෙ තාත්තද.... "

අල්ලපු ගෙදර ඉදල මෙච්චරකලක් මූ දන්නෙත් නැතිනම් මම දන්නෙ කොහොමද.... ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවෙ මූ අහන්නෙත්  මහ රට බයිල තමයි...

"  උන්ගෙ තාත්තටවත් බැරුව ඇති අදුනන්න බං.... පිස්සු හැදෙනවා... හින්දි ෆිල්ම් එකකවත් වෙන්නෙ නැති වැඩකනෙ  මේ... "

මගේ පිටිපස්සෙ ඉදපු  පැංච ශ්‍යාමිකයට කිවුවා...  මම ඉදියෙ තාමත් ඒ දෙන්න දිහා බලාගෙන... සාලෙ අයගෙ කතාව ආයෙමත් ටික ටික ඇහෙද්දි  හිටගෙන ඉදපු ව්‍යංගත්  අනිත් එක්කෙනා ගාවින්ම වාඩි උනා...  වාඩිවෙලා බිම බලාගත්තෙ  මුලු පාටි එකේම අය බලාගෙන කතාකරන්නෙ ඒ දෙන්න ගැන කියල දැනුන නිසා වෙන්න ඇති....

මම හෙමීට එතන තිබුන පුටුවෙන් වාඩි උනා... වාඩි වෙලා මගේ එහාපැත්තෙ ඉදපු ලහිරුව දිහා බැලුවා...   ඌත් නිකන් රිච්ටමාපකේ කට්ට කැඩිල යන සයිස් එකේ භූමිකම්පාවකට අහු වෙච්ච පොමනේරියන් බල්ලෙක් වගේ  කන් කඩා වැටිල ඇස් ලොකුවෙලා ඉදියෙ...

" කැ _ ඩබල් ඇක්ටින්  සීන් එකක්නෙ බං... මේක... "

ඌ කතා කරේ රහසින්... කියාගන්න දෙයක් නැතුව මම ආයෙත් ඒ දෙන්න වාඩිවෙලා ඉදපු දිහා බැලුවා... දෙන්නම සැරින් සැරේ මේ පැත්ත බලනවා... බිම බලනවා..  අනිත් එක්කෙනාට කුටු කුටු ගානවා...

" මචං විහඟ  තරහවෙන්න එපා මචං මෙහෙම කිවුවට... දෙන්නම  අපිව හොදට අදුනනවා...  පේනව නේද අපේ දිහා බලාගෙන කුටු කුටු ගාන හැටි....  දෙන්නම එකතුවෙලා අපිට ආයෙ දීල තියෙන්නෙ නැවු කඹයක් සයිස් ලන්නක් මචං...  ව්‍යංග එක්කෙන්ක්නං  අනිත් කෙනා අපිව අදුන්න විදියක් නෑනෙ.. දෙන්නම පලෑන් කරල ෆුල් බයිට් එකක් දීල තියෙන්නෙ... මටවත් පේන්නෙ නැතුව ඉදියනෙ මෙච්චර කාලයක්... ආයෙ හෝදන්න දෙයක් නෑ... බඩේ බත් වගේ මටනම් බුදු ෂුවර්... "

ශ්‍යාමිකය කියපු දේ ඒ වෙනකොටත් මට  තේරිලයි තිබුනෙ...  ඒත්... මම තුවලා වෙච්ච වෙලාවෙ අඩාගෙන ආවෙ මේ දෙන්නගෙන් එක්කෙනෙක්ම නේද... ?? මාව බයිට් කරනවනම්  එහෙම කරන්නෙ ඇයි... ??

ඒ දෙන්න ආයෙත් සැරින් සැරේ අපේ දිහා බලනවා... එතන ඉන්න බෑ බෑ වගේ මොකක්දෝ හිතීගෙන ආව නිසා පුටුවෙන් නැගිටල මම හිමීට ගේ පිටිපස්සට ආවා... ශ්‍යාමිකයලගෙ අම්මටත් හිනා වේගෙන පිටිපස්සෙ දොරෙන් ඇවිත් පිටිපස්සට වෙන්න කලුවරේ තිබුන පුටුවක වාඩි උනා...
පැංච ලහිරු ශ්‍යාමික ඔක්කොමලත් ඇවිත්....

"ඒත් මමනං හිතන්නෙ නෑ බං එහෙම කරන්න ඇති කියල...  එදා මූ වැටුන වෙලාවෙ  එහෙනම් අරම පස්සෙන් දුවගෙන එන්නෙ අහවල් එකකටද..."

ලහිරුව ශ්‍යාමිකයට කිවුවෙ මගේ හිත තේරිල වගේ...

" අනේ මම දන්නෙ නෑ බං... බලහංකො ගෙවල් එහා පැත්තෙ... මාස එකහමාරක් විතර ගිහිල්ලත් නිකමටවත් දැනගන්න බැරි උනානෙ..
 මොලේ නරක් වෙනවා...."

පැංචයි ලහිරුවයි වාඩි උනාට  ශ්‍යාමිකයට වාඩි වෙන එකත් අමතක වෙලා...   මාත් මුකුත් කියන්නෙ නැතුවවම බලාගෙන ඉදියා... දුකක් ලැජාවක් තරහක්... කියන්න බැරි මොකක්දෝ දෙයක් හිතේ තියෙනව වගේ...

" මමත් කියන්නෙ  උන් දෙන්න කරේ කැ_ වඩේ තමයි....  දෙන්න ඕනෙ හොද රිටන් එකක්  හු _ _ _ න් ට...  බලහංකො බං.. මුන් ආච්චිගෙ කෙල්ලොනෙ..."

පැංචත් කට ඇරියා...

" අනේ මේ පැංචො.... දන්නෙ නැති ලබ්බවල් වලට කට නොදා ඉදිං... ඒකි මාත් එක්කත් කතා කරා... එහෙම කරන කෙල්ලෙක් නෙවෙයි ... මමත් එදා ඉදියනෙ ලග මුගේ... එදා එහෙනම් අරම කට්ටක් කාල එන්න ඕනෙ නෑනෙ මුගේ පස්සෙ ඒකි සිරාවට මූට ලවු නැත්තං... "

ලහිරුව බැන්නාම පැංචත් කටවහගත්තා... මගෙත් නිකං මොලේ අවුල් වෙලා වගේ... ව්‍ය්ංගා එහෙම කරනෙ එකක් නෑ... මට බුදු ෂුවර්... ඒත්.... අර දෙන්න අර විදියට අතන හැසිරුනේ ඇයි... ??  ෂික්... එකක් ඉවර වෙනකොට එකක්...  හිතාගන්න බෑ මොලේ නරක් වෙනවා....

" විහඟ උඹ කියපං...  උඹත් එක්ක කතා කරානෙ ඒකි.. අපිට වඩා උඹනෙ දන්නෙ... උඹට මොකද හිතෙන්නෙ... "

ශ්‍යාමිකයත් ටිකක් එහාට වෙන්න තියෙන හිස් පුටුවක් අරන ඇවිත් මගේ ලගින් වාඩි උනා...

" මම දන්නෙ නෑ බං..  මට තේරෙන්නෙත් නෑ... "

මම කිවුවෙ උගේ දිහාවත් නොබල පුටුවට හේත්තුවෙන ගමන්..... 

ඇත්ත... ව්‍යංගට  මම ඇත්තටම ආදරෙයි...වෙන කිසිම කෙල්ලෙක් ගැන හිතෙන්නෙ නැති විදියට  වි‍යංග ගැන මට හිතුනා... කැමැත්තක් ඇති උනා.... ඒ මොකටද කියන්න මම දන්නෙ නෑ...  ව්‍යංගට වඩා ලස්සන කෙල්ලො දැකල තිබුනත් මට ලංවෙන්න පුලුන් උන ලස්සනම කෙල්ල එයා නිසා වෙන්න ඇති... නැතිනම් මාත් එක්ක ඉක්මනටම ෆිට් උන හින්ද මගේ කොලු කම නිසා වෙන්න ඇති.. ඒ මොන මගුල උනත් මම ව්‍යංගට ආදරෙයි.... එයාත් එහෙමම මට කැමතියි ආදරෙයි කියල මට දැනෙනවා... එයාට මට බොරුවක් කරන්න පුලුවන් කියලනම් හිතන්න අමාරුයි... එත් එහම දෙයක් වෙලා තිබුනොත්....

අනිත් උන් තුන් දෙනා කතා කරද්දි මම දහ අතේ කල්පනා කරා...  එහෙම  මට ලන්නක් දීලනම් ව්‍යංගට කොච්චර ආදරේ කිවුවත් මට ඇති උනේනම් මහා තරහක්...  එහෙම කරානම් අඩුම ගානෙ මම තුවාල වෙච්ච වෙලාවෙන් පස්සෙ හරි ඒ සෙල්ලම නවත්තන්න තිබුනා.. දිගට දිගට මැසේජ් නොකර කෝල් නොකර මාව නටවන්නෙ නැතුව....

" මෙහෙම කල්පනා කර කර ඉදල වැඩක් නෑ බං....  හරියට ප්‍රභාකරන් කාරය කොළබ අල්ලගත්ත වගේනෙ...  මම ගිහින් කතා කරනව ඕනෙ 
හු _ _ _ වෙන්න කියල..."

මම කිවුවෙ බැරිම තැන.... අපේ එකෙක්වත් මොනවත් කිවුවෙ නෑ... මම නැගිටින්න හදනකොටම ලහිරුව මාව අල්ල ගත්තා...

" ඕනම හු _ _ _ ක් උනාට කමක් නෑ තමයි... ඒත් නිකන් හරි උන් දෙන්න උඹව අන්දලනම් උඹ ආයෙත් නෝන්ඩි වෙනව නේද... උඹට එහෙම වෙන එක නිසා තමයි අපිටත් අමාරු... නැතිනම් ඔය හු _ _ _ ලොකු නෑ තමයි....

ලහිරුව කිවුවෙ මාව වාඩිකරවන ගමන්... කෙල්ලො නෙවෙයි මොකා නැති උනත් මුන් ටික මගේ ෆිට් එකට ඉන්නව නේද කියල මගේ හිතේ මුන් ගැන ආදරයක් ඇති උනේ ඉබේටම...  ව්‍යංගල දෙන්නෙක් නෙවෙයි සීයක් දාල ගියත් මුන් ටික මගේ ලග ඉදීවි....

" මෙහෙම  වෙන්න බැරිද.....  එදා කලාස් එකේදි  උදේ එරෙවුවෙ.. කතා නොකර ගියෙ.. අර බුක් ෂොප් එකේදි  එරෙවුව කිවුවෙ උඹල දෙන්නට.. ඒ ව්‍යංග නෙවෙයි අනිත් කෙනා වෙන්න බැරිද.. ?? "

ලහිරුව ආයෙමත් ඇහුවා... ඒත් එහෙම වෙන්නෙ කොහොමද... ?

"මට තේරෙන්නෙ නෑ බං... එයාම තමයි මම පොත ගන්න ඉස්සරහට යනකොට මාත් එක්ක හිනා උනේ...  එයා හිනා වෙලා පස්සෙ ඔරවන්න හේතුවක් නෑනෙ... "

මේක විසදන්න යන එකෙන් වෙන්නෙ තව තවත් පැටලෙන එකයි....

" හරි...  එහෙම කරන්න ඇත්තෙ කපටි කමට... උඹලව පටලවන්න..."

පැංචටනම් ධනාත්මක චින්තනේ ගෑවිලාවත් නෑ...

"නෝන්ඩි වෙනවනම් තව වෙන්න දෙයක් නෑනෙ බං... ගිහින් කතා කරන්නම්...  එතකොට හරිනෙ..."

එහෙම කියල මම පුටුවෙන් නැගිටල ආපු පාරෙම ආයෙත් සාලෙට ආවා... ශ්‍යාමිකලගෙ නංගියි තව යාලුවො ටික දෙනෙකුයි වට කරගෙන දෙන්නම කතාව...  චන්ඩිය වගේ යන්න නැගිටල ආවට  මගේ කකුල් දෙක මට තව අඩියක්වත් ඉස්සරහට තියන්න නොදී දොරගාව නවත්ත ගත්තා... .. මම ටිකක් වෙලා එතන හිටගෙන ඉන්න ඇති....

නංගිල වට කරගෙන කතා කර කර ඉදපු ව්‍යංගල දෙන්නගෙන් එක්කෙන්ක් මාව දැක්කෙ මම යන්න හැරෙන්න හදනකොටමයි... එයා එයාගෙ අතේ තිබුන ෆෝන් මට පේන්න හිමීට වැනුවා....

ඒ කියන්නෙ මට කෝල් කරන්න කියලනෙ...  දැන් ඉතිං ලහිරුව සරණං ගච්චාමි තමයි...

මම ආයෙත් හැරිල කලින් වාඩිවෙලා ඉදපු පැත්තට එන්න හැරෙනකොටම ලහිරුව මගේ ගාව...

" මෙන්න ව්‍යංගගෙන් මැසේජ් එකක් උඹට...."

ඒ කියන්නෙ එයා මට මැසේජ් එකක් එවලා ඒක බලන්න තමයි කියල තියෙන්නෙ... මම ලහිරුවගෙ අතින් ෆෝන් එක ගත්තෙ උදුරලා...

vihagata kiyanna
ape gewal paththata wenna  midule
thiyena lowi gaha yatata
enna kiyala
ikmanata
plz enna kiyanna

මම මැසේජ් එක කියවනකොට ලහිරුවත් බෙල්ල දික් කරගෙන බලාගෙන ඉදියෙ...  මම ඒක කියවල ඉවර වෙලා උගේ  මූන දිහා බැලුවා..

" ඉතිං පල.. "

 ඌ හිනා වෙලා මගේ පිටට ගැහුවා...


මම ගේ වටෙන් හිමි හෙමීට අපි හැමදාම ශ්‍යාමිකයලගෙ ගෙදර  ආවම වාඩිවෙලා ඉන්න ලොවිගහ පැත්තට ඇවිද ගෙන ආවා...  වත්තෙ හැමතැනම ලයිට් දාල තිබුනත් ලොවි ගහ යටට වෙන්න කරුවලයි...  ඒ හරියෙ වැඩියෙ කවුරුවත් ඇත්තෙත නෑ....

මම එතනට යන්නත් කලින්ම ව්‍යංග එතනට ඇවිත්...

හැමදාම වගේ අර පුරුදු සුවදමයි එයාගාව ආවෙ...  එයා ලගටම ඇවිත් එතන බංකුවෙ මම වාඩි උනා.... එයා තම හිටගෙන මගේ දිහා බලාගෙන ඉනවා... මමත් එයා දිහා බලාගෙන ඉන්නව .....  කතාකරන්න කියල මුලින් ආවට දැන්නම් මොනව කියන්නද  මොනව අහන්නද කියල හිතාගන්න බෑ.... අපි දෙන්නම කතා නැතුව විනාඩියක් විතර එහෙම ඉන්න ඇති....  ඒ ලොකු වීදුරු ඇස් කලුවරෙත් පුරුදු විදියටම දිස්නෙ ගැහුවා.... ඒත්... මේ ඒ මම හැමදාපු දැකපු ඇස් දෙකමද... හිතේ ඇදිල තිබුනෙ එක ඇස් දෙක උනාට මේ ඇස් වෙනස් උනේ නැද්ද...

කිසි දෙයක් හිතා ගන්න බෑ.... මම එහම කල්පනා කර කර ඉදිද්දි අන්තිමට පුරුදු විදියටම එයාම කතාව පටන ගත්තා....

"විහඟ "

ඒ කටහඩ අර වෙනද බස් කතා කරන ව්‍යංගගෙ නෙවෙයි.... අර මම හොස්පිටල් එකේ බෙල්ල කඩාගෙන ඉන්න දවසෙ මුලින්ම ෆෝන් එකෙන් කතා කරපු ව්‍යංගගෙ...  අඩන්න ඔන මෙන්න...

" කියන්න "

එයා ලෑස්තිවෙන්නෙ පාපොච්චාරනේට කියල කටහඩෙන්ම තේරිල තියෙද්දි මම මොකටද ප්‍රස්න අහල උදැල්ල දාන්නෙ... එයාම කියන්නෙ  නැතෑ...

" මතකද මම ඔයාට කෝල් කරපු පලවෙනි දවස....  ඔයා හොස්පිටල් එකේ ඉන්නකොට..."

ඒ කටහඩ තාම වෙවුලනවා....

" ඒ ඔයාමද....  "

කෙල්ල බයවෙලා ඉන්නව වගේ දැකලත් මට එහෙම කියවුනේ ඇයිද මංද...

" මම දන්නව... ඔයා හිතන දේ...  ඔයාට එහෙම හිතෙන එක සාදාරණයි...   මම ඉක්මනට යන්න ඕනෙ.. අක්කි බලාවි මම කොහෙද කියල..."

හරි නේන්නං....  මෙයා එදා බස් එකේදි කිවුවෙ අක්කත් ගෙදර ලෙඩ වෙලා ඒක නිසා තනියම කලාස් ආවෙ කියල...  දැන්නෙ ඕව මතක් වෙන්නෙ...

" එදා කතා කරේ මම තමයි...   ඔයාට අපි දෙන්නවම මීට් වෙලා තිබුනට ඔයත් එක්ක කතා කරල තිඑන්නෙ ෆෝන් එකෙන්... ඔයාට මෙච්චර දවස් කතා කරේ මම විතරයි.... ඔයා තුවාල වෙලා කියල එයා දන්නෙ නෑ... ඒකයි එයා පුදුම වෙලා ඔයා දිහා බලං ඉදියෙ...  ඊට පස්සෙ අපි දෙන්න කතා කරනව බලාගෙන ඔයාල යන්න ගියාම මම දැන ගත්ත ඔයා  ඉන්නෙ  තරහෙන් කියල...  "

එයා මීට් වෙලා තියෙනවලු... කතා කරේ මෙයාලු... ඒ කොහේද.... එතකොට  කොයි වෙලාවෙද.. එතකොට මෙයාව මීට් උනේ කොහෙදිද... ඔලුව නරක් වෙලා ම පිස්සෙක් වෙනව මේක ඉවරවෙලා තියෙද්දි ඒකනම් ආයෙ හෝදන්න දෙයක් නෑ...

ඒත් එක දෙයක් නම්  හරි... හොස්පිටල් එකට ආවෙ මෙයා... ඒකනෙ මෙයා මම තුවාල උන විත්තිය දන්නෙ...  ඒත් දෙන්නම සැරින් සැරේ මීට් වෙලානම් ඒ කියන්නෙ දෙන්න එක්ක මාව රවට්ටල කියන එකනෙ...

" ඔයාල දෙන්න කොයි වෙලාවෙ මාරුවෙන් මාරුව මීට් උනාද කියල මම දන්නෙ නෑ... ඒත් ඒ කොහොම හරි...  ඔය කියන විදියට වෙලා තියෙන්නෙ... ඔයාල දෙන්නා එකතු වෙලා මාව රැවට්ටුව  එකනෙ... "

මම එහෙම කිවුවාම.. ව්‍යංගා බිම බලාගත්තා.. ටික වෙලාවක් බිම බලාගෙන ඉදල ආයෙ මූන උස්සන කොටම ඇස් දෙකන් වැටුන කදුලු පාරවල් දෙකක් ඒ සුදු කම්බුල් උඩින් ගලාගෙන ගියා..

අනේ දෙයියනෙ.... කොච්චර වැරද්දක් කරත් .. මගේ හීන කුමාරි අඩනව බලන් ඉන්නෙ කොහොමද......

" හරි හරි.... අඩන්න එපා ......... "

මගේ කටට වෙන වචන මොනවත් ආවෙ නෑ... එතකොටම ව්‍යංග  මගේ අතින් අල්ල ගත්තා...

" ඔයාව රැවැට්ටුවෙ නෑ විහඟ... ඇත්තමයි....  එහෙම කරන්න ඕනෙ උනේ නෑ...  මම දන්නව  සමහර විට ඇත්ත දැනගත්තාම ඔයා අපි දෙන්නටම බනීවි කියල.. එහෙමනැතිනම් ඔයා අක්කිට කැමති වෙයි කියල...

ඒත්......"

මම අක්කිට කැමති වෙයි.... ??  ඒ මොකද ඒ... මට කිසිම දෙයක් තේරුනේ නෑ මොනවද මෙයා කියන්නෙ කියල... ඒත් කෙල්ල ඉකි ගහ ගහ අඩනව දැක්කම පපුවනම් හෝස් ගාල ගියේ... ඉබේටම...

" මම ඔයාට ආදරෙයි විහඟ....  ඔයාට ආදරේ කරන්න ගත්තෙ මොන වෙලාවෙද කියල මට හිතාගන්න බෑ.. ඒත් මම ඔයාට ආදරෙයි කියල විතරක් මම හොදටම දන්නවා...  ඒකයි මම ඒක ඔයාගෙන් හැංගුවෙ... අක්කි අද මේකට එන්න බෑ කිය කිය ඉදියෙ... ඒක නිසා මම හිතුව පස්සෙ ඔයාට හොද වෙලා ඔයාව මීට් උන දවසකම කියනව කියල.. ඒත් එයා හදිස්සියේම ලේස්ති උනා එන්න.. වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ විගඟ..... "

කෙල්ල ඉකි ගහ ගහ අඩනව හොදටම මගේ අතත් අල්ල ගෙන.. හොද වෙලාවට් වැඩියෙ කාටවත් පෙනුනෙ නෑ අපි දෙන්න ඉදපු තැන...   ඒ එක්කම ව්‍යංග මගේ අත ඇත ඇරියා....

 "අක්කි එලියට ආව...." 

 මම දොරකොඩ පැත්ත බැලුවාමයි දැක්කෙ.. අනිත් ව්‍යංග එලිය බැහැල  වටපිට බලනවා... ඒ එක්කම මගේ ලග ඉදපු කෙනා   ෆෝන් එක ඔබන්න ගත්තා...

"විගඟ... "

ව්‍යංග ආයෙත් මට කතා කරා...

"අනේ මම මේ කියපුව මුකුත් කියන්න එපා එයාට ...  නිකන් පුදුම වෙලා වගේ  ඉන්න...  අනේ ප්ලීස්...."

එහෙම කියල කෙල්ල කරුවලේ මට අත් දෙක එකතු කරල වැන්දා...   මෙයා මොකටද මෙච්චර බය වෙන්නෙ... හරියට මිනියක් මරල වගේ....  ඒ කොහොම උනත් කෙල්ල අත්දෙක එකතු කරල මට වැදපු හැටි දැක්කමනම් මගේ හිතට මොකකද එකකින් අනිනව වගේ උනේ ඉබේටම...

" බයවෙන්න එපා ව්‍යංගා... මම කියන්නෙ නෑ..."

මම එයාගෙ අත්දෙක අල්ලල පහලට දාන ගමන්  කිවුවෙ බොහොම සිරා විදියට... කලින් මගේ හිතේ තිබුන තරහ මටවත් නොදැනි කොහෙදෝ ගිහිල්ල වගේ...

 එතකොටම දොරලග හිටගෙන ඉදපු කෙනා  ෆෝන් එක බලල මේ පැත්තට එන්න ගත්තා... ඒ කියන්නෙ මෙයා දැන් එයාට තමයි එන්න කියල මැසේජ් එක යවල තියෙන්න..

" මමයි අක්කිට එන්න කියල මැසේජ් එක යැවුවෙ...  එයා නංගිලත් එක්ක කතා කරන කොට ඔයාකොහේද බලන්නම් කියලයි මම එලියට බැස්සෙ...."

මම හිනා උනා...

"විහඟ"

කෙල්ල ආයෙත් මට කතා කරා...

" මම ව්‍යංග නෙවෙයි.... අක්කි තමයි ව්‍යංගා.... .."

දෙන්නව එකට දැක්ක වෙලාවෙ වගේ ආයෙමත් මගේ කට ඇරුනෙ මටත් නොදැනිම....

" එයාට කියන්න එපා හොදේ........ "

"එතකොට ඔයා......."

කෙල්ල ආයෙත් බිම බැලුවා....

" මම  විමංසා....."


එයාගෙයි මෙයාගෙයි ලටපැවුන කතාවේ ඉතුරු ටික  ලිහාගෙන
මගදිගට 16  ලගදීම එනවා...