මෙතෙක් කතාව...
මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13 මගදිගට 17
මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14 මගදිගට 18
අද එතැන් සිට....
මට මොනවත් හිතාගන්න බැරුව විනාඩියක් විතර කල්පනා කරන්න ඇති.. ශ්‍යාමිකයත් මගේ අලගට ඇවිත් වැලමිටෙන් ඇනල කෙල්ලව පෙන්නුවා...
" මම දැක්ක බං... ඒත් මේ ව්‍යංගද විමංසද කියල හිතාගන්න බැරුව මම මේ ඉන්නෙ... ව්‍යංගා දන්නෙ නෑනෙ බං විමංසත් එක්ක මම යාලු බව"
"කෝපි බිවුවානං තටමාපං පොඩි නම කිවුවලු.. උබටත් මෙච්චර මේ කෙල්ලො ඉන්නව .....ඩබල් ඇක්ටින් කේස් එකක්ම හොයාගත්තනෙ..."
ශ්‍යාමිකය කිවුවෙ හිනා වෙවී.. .. කොල්ලො ටික වටකරගෙන කතා කියන පැංචයි ලහිරුවයි සීන් එක දන්නෙ නෑ තාම... කෙල්ලත් වටපිට බලනවා... කරන්න දෙයක් හිතාගන්න බැරුව මම මෙතන ලත වෙනවා... එයා හොයනෙ මාවද... ? මාව හොයනවනම් ඒ අනිවාර්යෙන්ම විමංස තමයි.. ව්‍යංගට මාව හොයන්න දෙයක නෑනෙ...
පුරුෂ දෛර්ය හිතට අරගෙන මමත් ඒ පැත්තට හෙමින් හෙමින් ඇවිදගෙන ගියා... ගිහිල්ල ශේප් එකේ කතා කරල බලනව කවුද කියල... විමංසනං දැනගන්න පුලුවන්නෙ... ඒත් නිකන් මොකද්ද මොකද්ද වගේ... ෂික්... මම කෙල්ලෙක්ට බයවෙලා තියෙන හැටි...
" කලාස් ඇරුනනං ගෙදර යන්නෙ නැතුව මොකද මේ රස්තියාදු ගහන්නෙ ස්ටෑන්ඩ් එකේ... කෙල්ලො ඔහොම වල බහින්න ගත්තම අපිට තියෙන තත්වෙ මොකද්ද..."
මම කෙල්ල ගාවට ලංවෙලා කිසිම වෙනස නැතුව කතාව පටං ගත්තා.... අක්කගෙයි නංගිගෙයි වෙනසක් නැති ඇස් නිලංකාර වෙලා යන හිනාවෙන් කෙල්ල මට උත්තර දුන්නා...
" බස් එකක් එනකං නැවතිල ඉන්න එකට කියන්නෙ වල බහිනව කියලද ...? "
ම්ම්ම්... තමා හිතාගන්න බෑ කවුද මේ කියල... බලමුකො...
" බස් එකක් තිබිලත් නැගපු නැති නිසානෙ ඇහුවෙ.. හරි ඒක කමක් නෑ... කෝ අනිත් එක්කෙනා... මොකද තනියම..."
" කොයි එක්කෙනාද අහන්නෙ... "
කෙල්ල ආයෙත් හිනා උනා... මේ විමංසනං වෙන්න බෑ... මගේ විමංසව මට අඳුන්න බැරිද.... මේ ඉන්නෙ ව්‍යංගා...
" විමංස "
මම උත්තර දුන්නෙ නිකන් පොර වගේ...
" විමංස... මමනෙ විමංස.... "
මේකි හදන්නෙ මාව ආයෙ රවට්ටන්න... හුම්ග්.... ඒව කොහෙද නංගී මාත් එක්ක... රූපෙන් අදුනන්න බැරි උනාට කතාකරන විදියෙන් කියන්න බැරිද මට කවුද කියල... දෙන්න හිතෙනව දෙකක්....
" කලිං රැවටුනාට දැන් රැවටෙන්නෙ නෑ...හරිද ..... දැන් මට අදුනගන්න පුලුවන්.... "
මම එහෙම කිවුවාම කෙල්ල ඇස් පුංචි කලා... ඔලුව හරවල මගේ දිහා බැලුවෙ අමුතු විදියට...
" ඒ කොහොමද... "
ඒ සැරේනං කටහඩේ අර කලින් තිබුන දගකාර ගතිය තිබුනෙ නෑ... මොකද උනේ මෙයාට එක පාරටම...
" නෑ මම නිකං හිතුනා.... .. මම හරි නේ...."
කෙල්ල කතා කරේ නෑ... මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියය විතරයි... ඇස් පුංචිකරල ඔලුව ඇලකරගෙන බලාගෙන ඉදපු ඒ බැල්ම දිහා බලාගෙන ඉන්නත් මාර මාරුයි... එයා මගේ දිහා බලාගෙන ඉදියෙ හරියට මාගේ දිහා බලල මොක හරි හොයනවගේ....
එහෙම ටික වෙලා මගේ දිහා බලාගෙන ඉදපු ව්‍යංගා බිම බලා ගත්තා...
ඔවු.. මම ව්‍යංග තමයි....
කෙල්ල කිවුවෙ බිම බලාගෙනමයි.... මොනව හරි දේකට ව්‍යංගා අප්සට් කගහපු විත්තිය තේරුන නිසා විමංස කෝ කියල අහන්න දිව නැමෙන්නෙ නෑ නෑ වගේ....
මම ආයෙත් වටේටම කැමරාව දැම්මෙ නිකමටවත් විමංස පේන්න ඉන්නවද බලන්නයි... තාමත් කොල්ලො ටික වට කරගෙන සුපර් මෑන් වගේ වීර ක්‍රියාව රස කර කර කියන පැංචයි... ඒ ලගම ස්ටෑන්ඩ් එකේ කොට බිත්තියට කකුල ගහ ගෙන ඉන්න ශ්‍යාමිකයයි ලහිරුවයි තව සිය ගානක කොල්ලො කෙල්ලො ඇන්ටිල අංකල්ලයි බෙරිහන් දෙන බස් කොන්දලයි රටකජු කාරයොයි ත්‍රීවීල් කාරයොයි ඇරුනාම මම හොයාපු කෙනාවනම් ඇස් දෙකට හම්බුනේ නෑ...
මම වට පිට බලල ඉවර වෙනකොට ව්‍යංගා හිටියෙ මගේ මූන දිහා බලාගෙන.. මම එයා දිහා බලනකොටම කෙල්ල හිනා උනා...
හැබැයි ඒ හිනාවත් වෙනද හිනාවනං නෙවෙයි...
" හප්පා... ඔච්චරටම විමංස නැතුව බැරුද.... ඔච්චරම හොයන්නෙ... "
එක සැරේටම ව්‍යංග මගෙන අහපු දේට මට කට උත්තර නැති වෙලා ගියා...උත්තරයක් දෙන්න කට ඇරියත් මොනව කියන්නද කියල හිතාගන්න බැරුව වචන පිට උනේ නෑ...
මෙයාට මොකද එක පාරටම මෙච්චර ඒ ගැන හොයන්නෙ.... මෙයාට සැක හිතිලවත්ද .... මමත් මෝඩය වගේ ඇවිත් ඇහුවනෙ විමංසෙක් ගැන... ඒත් එහෙම අහුව කියල සැක හිතෙන්න විදියක් නෑනෙ... .. කලින් මොකකට හරි සැක හිතිලද දන්නෙ නෑ තිබුනෙ... එදා රෑ අපි දෙන්න තනියම කතා කරන වෙලේ දැක්ක නිසාද දන්නෙත් නෑ..එදත් ආවෙ අමුතු බැල්මට් එකක දාගෙන,,,.එහෙම නැත්තං නිකමටවත් විමංසගෙ ෆෝන් එක බලල තිබුනොත්...
"අග්... එහෙම එකක් නෑ හලෝ...... විමංස මෙතන ඉදියනං මම අහන්නෙ කෝ ව්‍යංගා කියලයි... ඒක සාමාන්‍ය සිරිතනෙ... .. අයියෝ මොන ස්කෝලෙටද යන්නෙ... ආ..."
කෙල්ල කට ඇද කරා... පුංචි හිනාවක් ගියා කට කොනෙන්... අපෝ ඇති යන්තන්... මම හිතුවෙ වැඩේ කොට උඩ කියලයි...
"එයා යාලුවො වගයක් එක්ක බුක් ශොප් එකට ගියා.... දැන් ඒවි... ආ ඒක නෙවෙයි... කවුද අර අද කලාස් එකෙන් පැනල දුවපු කට්ටිය... "
ආ.. හරිනෙ... .... පයනු අත දිග ලෝයනු ලයනු තමයි දැන් ඉතිං... මෙයාටත් මේ අස්සෙ ඒකම මතක උනානෙ... දැන් කොහොමද කලිසමක් ඇඳගෙන කටක් ඇරල කියන්නෙ ආ.. ඒ මමනෙ කියල....
" ඔයාගෙ යාලුවො කවුරු හරි වෙන්න ඇති ෂුවර් එකටම... හැබැයි... එයාල කාලාස් ඇවිල්ලනං ඉවරයි ආයෙ....අහගෙනනෙ ඉදියනෙ සර් කියපුව..."
අහගෙන ඉන්න ඉතිං අපි කාලාස් එකේ ඉන්න එපැයි... .. එයාටනං ඒක පුල් ජොලි වගේ...කෙල්ල හෙම කිවුවෙත් ඔලුව වන වනා ඇස් දෙක ලොකු කරගෙන...... ඒ තාලෙට කොන්ඩෙත් පැද්දුනා නිකන් කිතුල් රෑනක් හුළගට ලෙලදෙනව වගේ....
යකෝ.. පරණ කවියො දාන උපමා නෙ මගේ හිතට දැන් එන්නෙ... වියංග විමංස දෙන්නෙක් උනාට රූපෙ එකයිනෙ.... ඉතිං මගේ හිත වාවා ගනු කෝම..
"ආයෙත් අහල..."
මම බොහොම අමාරුවෙන් කට ඇරල එහෙම කිවුවා...
මෙයා අපිව අදුනගෙන නැද්ද... නැතිනම් අඳුනගෙන බොරු කින්ඩියක්ද දාන්නෙ... මොනවයින් කොහොම උනත් පස්සෙ හරි මෙයා ආයෙ එකෙන්ම දැනගන්නව ඒ මහා අභිනිෂ්ක්‍රමනය කරපු වීර සේනාව මා ඇතුලු ජනතාව කියල... ඇල්වතුරට උල් පිහියෙන් ඇන්න වගේ ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... එහෙවු එකේ දැන්මම කියල ජාමෙ බේරගන්නවද... නැතිනං... ලිස්සල යනවද... ඒත් ලිස්සන්නෙ කොහොමද දැන්... කට ඉස්සර වෙලා ඉවරයිනෙ...
කෙල්ල තව මොනවද කිවුවත් ඒ කිවුවෙ මොනවද කියල ඇහුනෙ නැත්තෙ මගේ ඔලුවෙ වැඩ කරේ වෙන දයක් නිසා...
" මො... මො කද්ද.. ? "
මම එයාගෙන ආයෙ ඇහුවා...
"ඔයාට අදනං මොනවහරි වෙලා.... මම ඇහුවෙ එයාල දන්නවද කියල.... නැතිනං ඔයාගෙ යාලුවොද කියල..."
" අග්.. දැකල තියෙනව... කතාකරල තියෙනව... ඒ වුනාට එච්චර ෆිට් එකක් නෑ... "
මම හිතන්නත් කලින් මගේ කට ව්‍යංගගෙ ප්‍රස්නවලට උත්තර දෙනවා... හිත හිත ඉන්න ගියොත් මෙයා සැක හිතනව... දැන් සායම බේරගන්නත් ඕනෙ.. ඒ අස්සෙ විමංසත් නෑ.. මෙයාට ඕනෙ නැති මල මගුලකුත් නෑ... අම්මප මේ කෙල්ලො කියන ජාතිය අපිවත් පටලවනව මැගී නූඩල්ස් වගේ...
" බොරු කියන්න එපා.... අර අතන ඉදගෙන තාම දඟලන චූටි ළමය ඔයාගෙ යාලුවනෙ... එයානෙ පැනල දිවුවෙ සෙරෙප්පු දෙකත් ගලවල අතේ දාගෙන... අපි මැරෙනකං හිනා උනා දුවපු විදියට..."
අයියෝ....සුදු පැංචෝ........ ඔය කලිසම ගලවල විසිකරපං ස්ටෑන්ඩ් එකේ කොට බිත්ති උඩින්.... දැන් ඕක ඇදගෙන ඉදියට කිසිම වැඩක් නෑ.... මට පැංච ගැන ඇති උනේ විලිලැජ්ජාව පෙරටුකොටගත් මහා අනුකම්පාවක්....
දැන් ඉතිං සායම ඉවරයි උගේ.. මුලු ගාල්ලම දන්නව පන්තියේ බුලක් කෙලල නාකොටික් එකෙන් එනකොට සරම කම්බි වැටී තියල දුවපු කසිප්පු කාරයෙක් වගේ කැත විදියට දිවුවෙ මූ කියලා... ඇගේ සයිස් එක නිසා මක්කම ගියත් ඌව මීටර් වෙනවා... තව ඉතිං කතා කරන්න දෙයක් නැති නිසා.. මම පැංචගෙ දිහා බලල හිනා උනා..
තවමත් කොල්ලො දෙතුන් දෙනෙක්ට අතින් පයින් කතාව විස්තර කරල කියන පැංච් දිහා අපි දෙන්නම බලනව ඌ කොහොම හරි දකින්න ඇති... එක නිසයි ඌ ව්‍යංගත් එක පැනි හිනාවක් දැම්මෙ.. ව්‍යංගා අතේ ගුලිකරගෙන ඉදපු ලේන්සුවෙන් කට වහගෙන හිනා උනා.... පන්සලේ කටිනෙ දවසෙ පොඩි හාමුදුවන්ගෙ බල්ලා මූට එලවන් එනකොට මූ දිවුවෙත් නැවතිලා සෙරෙප්පු දෙක අතට අරන්... කලිසම උස්ස උස්ස... අයෙ හෝදන්න දෙයක් නෑ... මූ දුවන්න ඇත්තෙ ඒ විදියටම තමයි... ප්‍රාන බයට මුලු ලෝකෙම අමතක වෙලා යන්න ඇති.. ෂික්.. සර් කාරය අල්ලගෙන දෙකක නෙලුවත් නැවතිලා ඒ දුවපු විදිය බලාගෙන ඉන්න බැරි උනානෙ...
" එයානං පුදුම ළමයෙක් අනේ.. ඇගේ සයිස් එකටද වැඩ .... පුංචි එකෙක් වගේමයි... අර තාමත් දඟලනවා... ඒ වුනාට කරන වැඩනං.... "
ව්‍යංගගෙ කතාව අහං ඉන්න ඉන්න මට දුක හිතුනෙම පැංච ගැන .. පවු අසරණ පැංචා......
අපි සෙට් එකම බේරිලා... මීටර් වෙලා තියෙන්නෙ මූ විතරයි... හැබැයි කෙල්ලොන්ට ඒක නිකන් මොන්ඩිසෝරි පොඩි එකෙක් කරපු දඟ වැඩක් වගේ... .... එකට විසිපහක් ඔට්ටුයි මූට කෙල්ලෙක් කසාද බඳින්නනං වෙන්නෙ නෑ මේ ආත්මෙදි.... අර සුද්දියො කූඩුවල දාල ඇතිකරන පුංචි බලු කුක්කෙක් වගේ කූඬුවක ඉන්න තමයි මූට යන්න වෙන්නෙ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... බුදු ෂුවර්...
පැංච දිහා බලල මා ආයෙ හැරෙනකොට ව්‍යංග බලා ඉදියෙ මගේ දිහා.... මෙයාට නිකංවත් මාව මීටර්ද....
දන්නෙ නෑ... හත්වලාමේ... එහෙම වෙලා තිබුනොත් බුරිය විකාගෙ මැරෙනව මෙතනම...
එතකොටම බස් එකත් ඇද්දුවා... ඒත් මෙයා තාම මෙතන...
" අන්න බස් එක ගියා.... මට පේන්නෙ කවුරුහරි එනකං වගේ අදනං ඉන්නෙ... "
කතාව වෙන අතකට හරවන්න හිතාගෙන මම එහෙම කිවුවා...
" ඒකෙ සෙනගනෙ... අනිත් එක නංගි ආවෙත් නෑනෙ තාම... "
එතකොට ස්ටෑන්ඩ් එකේ එහා කොනෙන් මතු උනෙ මම මෙච්චර වෙලා හොය හොය ඉදපු එක්කෙනා... මටත් ඉස්සර වෙලාම එයා මාව දැක වෙන්න ඇති හිනා කටක් පුරවගෙ ආවෙ... ඒත් ටිකක් ලං වෙනකොටම ඒ මූනෙ හිනාව අතුරුදහන් වෙලා ගියේ එක පාරටම....
ඇයි ඒ... ?? මම ව්‍යංගත් එක්ක ඉන්නව දැකපු නිසාද....?
මට එහෙම හිතල ඉවරකරන්න ලැබුනෙ නෑ කවුද පිටිපස්සෙන් ආපු එකක් මගේ ඇගේ හැපුනා.... මාව ඉස්සරහට විසිවෙලා යනවත් එක්කම පොත අස්සෙ දෙකට නවල තිබුන කාලාස් එකේ ටියුට් එක ස්ටෑන්ඩ් එකේ පඩිය අයිනෙ තිබුන කලුපාට වතුර පිරිච්ච මඩවලට වැටුන නිසා මට යකා නැග්ගෙ ඉදපු තැනත් අමතක වෙලා...
"මොන හු...."
කටින් පිටවෙන්න ගියපු ඒ වචනෙ බොහොම අමාරුවෙන් නවත්තගෙන පස්ස හැරිල බැලුවෙ ඇස් පේන්නෙ නැති එකා මොකාද බලන්නයි....
ඇගේ පැපිච්ච එකා දැක්කම මුත්‍ර බොක්කෙන් පටන් ගනිපු හීතලකින් මුලු ඇගම හීතල වෙලා යද්දි.... වචනයක්වත් කතාකරගන්න බැරුව මම ගල් ගැහුනා....
කලින් දවසක නානගෙ කඩේදි අපිත් එක්ක ගේම ඉල්ලපු එකා... අපේ පරම හතුරා.... රබර්....
දැන්නං ඉතිං කෙල්ලො ඉස්සරහ හද්ද පීචං වෙන්නයි වෙන්නෙ... ස්ටෑන්ඩ් එක ගෙදර වගේ වෙච්ච ඌට වලියක දාගන්න තැනක් නොතනක් නෑ... ... අපිත් එක්ක කොහොමත් දැඩි මලෙන් ඉන්න නිසා අනිවා දවසක රිටර්න් එක සෙට් වෙනව කියල දැනගෙන ඉදියත් මේ වෙලාවෙ රබර් තියා ප්ලාස්ටිකවත් අපි එකෙක්ගෙවත් මොලේට ආවෙ නෑ... හැබැයි ඌත් එක්ක වෙනද ඉන්න පිරිවරනං ඉදියෙ නෑ ඒ වෙලාවෙ.. ඕනෙ දෙයක් වෙද්දෙන් බලමු මූ මොකාටද එන්න හදන්නෙ කියල...
හොදටම බයවෙලා වගේ මගේ මූන දිහා හොරෙන් බලාගෙන ආපු විමංසත්, ව්‍යංග ගාව නැවතුනා... ඌ ආයෙත් මගේ දිහා කින්ඩි බැල්මක් දාල මාව පඩේකටවත් ගනං නොගත්ත විදියට කෙලින්ම හැරුනෙ කෙල්ලො දෙන්න දිහාවට...
" කලාස් ඇරුනනං මොකද ස්ටෑන්ඩ් එකට වෙලා කරන්නෙ ගෙදර යන්නෙ නැතුව..... ? "
ඌ කෙල්ලො දෙන්නගෙන් එහෙම ඇහුවෙ නිකන් උන්ගෙ තාත්ත වගේ... මාව නිකං කරකවල අතාඇරිය වගේ.... මූට මොකද්ද තියෙන අයිතිය... එහෙම අහන්න....
"ඇයි උබෙ තාත්තගෙද ස්ටෑන්ඩ් එක....... "
එක පාරට එහෙම අහන්න හිතට ආවත් මගේ කටින් ඒවචන ටික පිට උනේ නෑ... ස්ටෑන්ඩ් එකේ නම ගියපු මැරයෙක් වෙච්ච රබර්ට මගේ හිතේ බයක් නොතිබුනා කිවුවනං ඒක බොරුවක්... කෙල්ලො දෙන්නත් හොදටම බයවෙලා වගේ...
"නෑ... මේ.. සිංඩි.., බුක් ෂොප් එකට ගියා.. එයා එනකං ඉදියෙ... දැන් යනවා.... "
ව්‍යංග කිවුවෙ ගොත ගගහ... එතකොට සිංඩි කියනෙ විමංසට... සමහර විට ගෙදරට කියන නම වෙන්න ඇති... ඒත් මමත් අද දන්න ගෙදරට කියන නම කියල මූට විමංස ගැන කියන්න ඇයි.... ?? ව්‍යංගගෙ කටින් බයටම පුරුදු වචනෙ පිටවෙන්න ඇති... විමංසත් බිම බලාගෙන...
" නංගි එනකන්ද මෙතන එක එකත් එක්ක කදේ කයිය දාගෙන ඉදියෙ... බුක් ෂොප් එකට යන්න ඕනෙනං ඇයි දෙන්නම නොගියෙ..."
මුගෙ අම්මට.. මූට මොකද තියෙන අමාරුව...
" ඇයි එක එකත් එක්ක කයිය දාන්න උබෙන් අවසර ගන්න ඕනෙද.... උඹට මොකද්ද තියෙන අමාරුව... ?"
තවත් කටවහගෙන ඉන්න බැරිම තැන මම කිවුවෙ ඌ ව්‍යංගගෙ මූනට දික්කරගෙන ඉදපු අත පහත් කරන ගමන්...... ඌ මහ චන්ඩියෙක් වෙන්න ඇති.. ඒත් ඌට තියෙන අමාරුව මොකද්ද කෙල්ල මාත් එක්ක කතාකරාම...
"මට තියෙන අමාරුව....."
දත්කූරු කාල මගේ දිහා ඔරවල බලන ගමන් එහෙම අහපු ඌ අත් දෙකෙන්ම මාව තල්ලු කරා... මට වඩා ඇග පත තිබුන යකඩයක් වගේ උගේ අත්දෙකෙන් මාව තල්ලු අකරපු පාරට පස්සට විසිවෙලා ගියපු මම බේරුනේ ස්ටෑන්ඩ් එකේ කනුවක් අල්ලගෙනයි... ඊලගට තප්පරයක් යන්නත් කලින් ඉස්සරහට පැනපු රබර්ගෙ මිටමොලවපු අත කෙලින්ම ආවෙ මගේ මූනටයි... හෙනයක් වගේ ආපු ඒ පාර නිසා ඇස් දෙකෙන් තරු පොකුරු පොකුරු පිටවෙද්දි... අතේ තියෙන පොත් ටිකත් සී සීකඩ විසිවෙද්දි... මූනත් බදාගෙන ස්ටෑන්ඩ් එකේ පඩිය උඩ මම ඇදගෙන වැටුනා...
" අනේ හෂාන් අයියෙ..... මොකද මේ..... පිස්සුද ඔයාට... "
ව්‍යංගයි ව්මංසයි දෙන්නම උගේ ඇගේ එල්ලෙද්දි... කෙල්ලො දෙන්නවත් තල්ලු කරගෙන ඌ ආයෙත් ආවෙ මගේ පැත්තට..
" මට තියෙන අමාරුවනෙ තොට දැනගන්න ඕනෙ... "
වැටිච්ච පොත ගොඩ මැද්දෙ අමාරුවෙන් නැගිටින්න හදන මගේ දිහාට ඌ පහත් උනේ එහෙම කියාගෙන... රබර් තියා යකඩ උනත් ඇගේ පන තියෙනක ගුටිකාගෙන ඔලුව පහත්කරගෙනනං ඉන්නෙ නෑ පුතේ...
මමත් ඇගේ තියෙන හැම තරහ බිංදුවක්ම... රබර් ගැන හිතේ තියෙන හැම බය බිංදුවක්ම එකතු කරල බිම වැටිල ඉන්න ගමන්ම මගේ දිහාට පහත් වෙන බර්ගෙ බඩට පයින් කෙලල ඇරියා... ඌ පස්සට විසිවෙද්දිම ස්ටෑන්ඩ් එකේ බිත්ති උඩින් ආව තුන් හතර දෙන්ක්ම උගේ ඇගට පනිනවා මම දැක්කෙ යන්තමට.....
ආයෙත් බොදවෙලා ගියපු ඇස් දෙක යතාතත්වෙට එද්දි පැංච ලහිරු ශ්‍යාමික තුන් දෙනාම රබර්ව වටකරගෙන නෙලනවා... මගේ හක්ක ගැලවිලා වගේ... .. හක්කත් අල්ලගෙන නැගිටලා එතනට යන්න අඩිය උස්සනකොටම වටේන්ම තව එක එකා දුවගෙන ආවෙ නිකන් මුහුද ගොඩ ගලන්න වගේ...
නිමේෂ්, අමිල වගේ අපේ සෙට් එකේ උන් වගේම රබර්ගෙ සෙට් එකේ එවුනුත් එතට ආව කියල දැනගත්තෙ දුවගෙන ආපු එකෙක් රබර්ව නවාගෙන ගහන ශාමිකයගෙ පිටට උඩ පැනල ගහපු නිසයි.... රබරයි මායි පටන් ගනිපු වලිය කොල්ලො විස්සකගෙ තිහකගෙ විතර පොරයක් වෙන්න තප්පර දහයක්වත් ගියේ නෑ...
ඒ ඒක්කම ඒ මැදට පැනපු සරං ෂර්ට් ගහගනිපු සෙට් එකක්, වලිය බේරන්න හෙන ගේමක් දුන්නත් එහෙට මෙහෙට ඇදි ඇදි විනාඩියක්වත් කට්ටිය ගහගන්න ඇති.. ඒ පොරේම අයිනක් ශ්‍යාමිකයට පිටට ගපු එකාගෙ කටින් ලේ පනිනකම්ම මමයි ශ්‍යාමිකයයි ඌට පෙරලගෙන ගැහුවා අම්බානෙකම...
"පොලීසියෙන්... දුවපං...."
කවුදෝ එකක් එහෙම කියාගෙන මගේ ටීෂර්ට් එකෙන් අදිද්දි ගහපු එකා අතැරිල මමත් ඌ දුවපු පැත්තට දුවන්න ගත්තා... එතනම තිබුන බස් එක එහා පැත්තට පැනගනිපු මම පස්ස හැරිල බැලුවත් කිසිම පොලිස් කාරයෙක් පේන්න හිටපු නැති නිසා දුවන එක නැවතුනෙත්... රතුපාට වලලු දාපු සුදු අතක් මගේ අත අල්ල ගත්තෙත් එකටමයි...
" අනේ විඟග... මොනවද මේ කරගත්තෙ... හෂාන් අපේ ලොකු තාත්තගෙ පුතා.....!!!
විහඟ පොලීසියෙන් අල්ලගනීවිද... වලිය ගැන විමංසලගෙ ගෙදරින් දැනගනීවිද... විහඟ විමංසා ආදරකතාවේ ඊලගට වෙන්නෙ මොනවද
මගදිගට 20 න් ලගදීම.....




